An interactive journey through the extraordinary life of Most Venerable Rerukane Chandawimala Maha Nahimi — spanning decades of devotion to the Theravada Sasana.
Charithapadhanaya · චරිතප්රධානය
Honorary Titles · ගෞරව නාමාවලිය
Sahithya Chakrawarthi · Panditha · Pravachana Visharada · Amarapura Maha Mahopadhyaya · Sasana Shobhana · Sri Saddharma Shiromani Mahacharya
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උපත ලැබුවේ 1897 ජූලි මස 19 වැනිදා ය. උපන් ගම රේරැකාන නම් අප්‍රසිද්ධ ගමයි. ගිහි නම රූබෙල් ගුණවර්ධන. සහෝදර සහෝදරියන් හය දෙනෙකුගේ වැඩිමලා මහනාහිමිපාණන් වහන්සේ ය. නායක හාමුදුරුවන්ගෙ පියා දොන් බස්තියෙන් ද පවුලිස් ගුණවර්ධන. මව මුණසින්හගේ පොඩිනෝනා.
අධ්‍යාපනය ලැබුවෙ වීදියගොඩ පාසැලෙන් ය. ඒ දෙවැනි පන්තියට පමණි. පැවිදි වූ දිනය 1906 ජනවාරි 08 වැනිදා ය. ගුරු හාමුදුරුවෝ බුරුම ජාතික ඌ විනයාලංකාර නායක හාමුදුරුවෝ ය. 1908 ජනවාරි 27 වැනිදා බුරුම රටට වැඩම කර අවුරුදු දහයක් පමණ එහි සිට දහම් අධ්‍යාපනය ලබා ඇත.
1917 ඔක්තොබර් 26 වැනිදා බුරුම රටේ ධම්මිකාරාම සීමාවෙදී උතුම් උපසම්පදාව ලබා ඇත. ඉන් පසු ලංකාවට වැඩමකර, නාහිමිපාණන් වහන්සේ පොත් ලිවීම ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 29 යේ දී ය. උන්වහන්සේ මුලින්ම ලියා ඇති පොත නිර්වාණ විනිශ්චය නම් පොත ය. ඉන් පසුව ද වටිනා දහම් පොත් තිහක් පමණ ලියා ඇත.
ත්‍රිවිධ ශාසනයටම අපරිමිත මෙහෙයක් සිදුකොට වදාළ අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ 1997 ජූලි 04 වැනි දින "මේකට තමයි පණ අදිනවා කියන්නේ" යැයි පවසමින් රාත්‍රී 8.54ට අපවත්වී වදාළ සේක.
Timeline · කාල රේඛාව