* = required field
Name :*
Country :*
Telephone :
E-mail :
Message :*
Enter Again this numbers :*

     
Priyanka
රෙරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ අපවත් වන විට ලබා සිටි අධිගමය කුමක්ද ?
Feb 06 2012
Answer by Admin
රේරුකානේ මහානාහිමියන් විසින් ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ සමඟ කළ ප්‍රකාශකි:- ධම්මානන්ද අපේ එකම බලාපොරොත්තුව, උත්සාහය මේ පඤචස්කන්දය මේ භවයේදී ම කොහොම හරි කෙළවර කර ගැනීමටයි. නාහිමි ලියූ පොත් කියවීමෙන් සහ වසර දාහතක් උපස්ථාන කිරිමෙන් ලද අද්දැකීම්වලින් කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ සඳහන් කරන්නේ මහනාහිමියන් සසර දුක් කෙළවර කර ගත් බව ය. වයස අවුරුදු 98 දී කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ සමඟ කළ පෞද්ගලික කථාවකදී නාහිමියන් සඳහන් කර ඇත්තේ “මට හිතෙනව අවසාන මොහොතෙ හරි සියල්ල නිම කර ගන්නපුලුවන් වෙයි කියල. මේ කරුණු අනුව මහනාහිමිපාණන් වහන්සේ අ‍ශෛක්ෂයන් වහන්සේ නමක් බව සිතිය හැකිය. තවත් තොරතුරු සඳහා “මෙකල නිවුණු ඇත්තෝ“ පොත කියවන්න.
Feb 06, 2012 ,06.51 pm
charith
nivaradiva maithri bavana karanne keseda?
Feb 04 2012
Answer by Admin
මෙත් වැඩීම සඳහා තමන්ට නොතේරෙන වචන සුදුසු නැත. තමන්ට තේරෙන මෙත් වැඩිමට සුදුසු වචන තෝරා ගත යුතු ය. එම වචන තමන්ගේ භාෂාවේ වචනම විය යුතු ය. භාවනා කරන කල්හි ද්වේෂයේ හා නො ඉවසිමේ ද වෛරයේ ද ආදීනව හා මෛත්‍රියේ ද අනුහස් සලකාගෙන පළමුව තමාට මෛත්‍රී කර ගත යුතු ය. ඉන් පසු තමාගේ ගෙදර සිටින අය කෙරෙහි මෛත්‍රී කර දිසා වශයෙන් මෙත් කිරීමෙන් පසු සියලු සත්වයන්ට මෙත් වැඩිය යුතු ය. මේ සඳහා අවශ්‍ය භාවනා වාක්‍යය “බෞද්ධයාගේ අත්පො‍තේ“ 148-149 පිටුවල සඳහන්ව ඇත. එය පාඩම් කරගෙන දිනකට පැය භාගයක්වත් අවම වශයෙන් භාවනා කළ යුතු ය.
Feb 04, 2012 ,11.25 pm
Wasantha
Theruwan Sarnai! Pina saha kuslaya yanu kumakada? pina saha kuslaya yanu artha dekakda.? Theruwan Saranai!
Jan 31 2012
Answer by Admin
පින සහ කුසලය යනු අර්ථ දෙකක් නොවේ. එක් අර්ථයකි. කුසලය යනු සන්තානයේ තැන්පත්ව පවත්නා වූ කුස නම් වූ පාප ධර්මයන් විනාශ කරන කුසල ධර්‍මවලට කියන නමකි. කෙටියෙන් සඳහන් කරතහොත් අකුසල් නසන්නා කුසල් නම් වේ. පින හෙවත් පුඤ්ඤ යනුවෙන් සඳහන් වන්නේ පවිත්‍ර භාවය යි. පු පවනේ කියන ධාතු ප්‍රකෘතියට ඊට පරව න්‍යය කියන ප්‍රත්‍යය එකතු කර ඒ න්‍යය ප්‍රත්‍යයට හල් ඤ් යන්න ආදේශ කර ද්විත්ව කිරීමෙන් පුඤ්ඤං කියන පදය සෑදී ඇත. යමක් පිරිසිදු බවට පත් කරනව නම් ඒකට කියනව පුඤ්ඤං කියල. “හදයං පුනාතීති පුඤ්ඤං“ සිත පිරිසිදු කරන්නේ පින නම් වේ. මේ අනුව පැහැදිලි වන්නේ කුසලය සහ පුඤ්ඤ කියන වචන දෙකෙන්ම පැවසෙන්නේ සිත පිරිසිදු කිරිම පිළිබඳව බවයි. තවද අභිධර්ම ග්‍රන්ථවල කුසල් සිත්ය, පින් සිත්ය කියා කොතෙක් සඳහන් කළත් ඇත්තේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියා ඇති සිත් 21ක පමණි. මේ මතය ඛණ්ඩනය කළ හැක්කේ තුන් පිටකයෙන් පින් සිත් සොයා ඉදිරිපත් කිරීමෙනි.
Feb 04, 2012 ,03.30 pm
m sajith thiwnka
VEN THERO ,I WOULD LIKE TO KNOW ABOUT MEDITATION PROGRAMMES IN YOUR TEMPLE
Jan 31 2012
Answer by Admin
විහාරස්ථානයේ පැවැත්වෙන භාවනා වැඩසටහන් පිළිබඳ තොරතුරු:- සෑම සෙනසුරාදා දිනක ම උදේ 8.00 සිට පෙ.ව.10.00 වන තුරු භාවනා වැඩසටහන් පැවැත්වේ. සෑම මසකම තුන්වන සෙනසුරාදා පෙ.ව.6.00 සිට සවස 5.00 වන තුරු භාවනා වැඩසටහන් පැවැත්වේ. ඉදිරියේදී භාවනාව පිළිබඳ උපදෙස් අන්තර් ජාලයටද එක් කිරීමට ද අපේක්ෂා කෙරේ.
Feb 04, 2012 ,10.56 pm
danushka
සීලබ්බත පරමරාස සැකවින් විස්තර කරන්න
Jan 28 2012
Answer by Admin
සීලබ්බත පරාමාස ක්ලේශ ධර්ම විස්තරයේ සීලය ලෙස අප හඳුන් වන්නේ දුශ්චරිතයෙන් වැලකී සිටීම සහ සුචරිත ගුණ ධර්මයන් රැකීම, යහපත් පැවැත්ම යන අදහස් ය. පරාමාස යනු ස්පර්ශ කිරීම අල්ලා ගැන්ම යන අදහස් ප්‍රකාශ වේ. අභිධර්ම පිටකයේ ධම්මසංගනී පකරණයේ,නික්ෂේප කාණ්ඩයේ, සංයෝජන ගොච්ඡකයේ සීලබ්බත පරාමාස සංයෝජනය පිළිබද සඳහන් වි ඇත්තේ මෙසේය. ඉතෝ බහිද්ධා සමණබ්‍රාහ්මණානං සීලේන සුද්ධි වතේන සුද්ධි සීලබ්බතේන සුද්ධීති යා ඒවරෑපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරෝ.....,ඉදං වුච්චති සීලබ්බතපරාමාසසඤඤෝජනං. යනුවෙනි. මේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධිය, ව්‍රතයෙන් ශුද්ධියයි යම් මෙබඳු වූ දෘෂ්ටියෙක් වේ ද.......මේ ශීලබ්බතපරාමාර්ශ සංයෝජන යයි කියනු ලැබේ යනු ය. මෙසේ ආදාය කරගන්නා දෘෂ්ටි පිළිබඳ පරාමාසගොච්ඡකයේ ද සඳහන් වේ. කතමේ ධම්මා පරාමාසා: දිට්ඨිපරාමාසා. තත්ථ කතමේ දිට්ඨිපරාමා‍සෝ: සස්සතෝ ලෝකෝතිවා, අසස්සතෝ ලෝකෝතිවා, අන්තවා ලෝකෝතිවා අනන්තවා ලෝකෝතිවා, තං ජීවං තං සරීරංතිවා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, ....... අයං වුච්චති දිට්ඨිපරාමාසෝ, සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨිපරාමාසෝ. ඉමේ ධම්මෝ පරාමාසෝ. ස්කන්ධ සංඛ්‍යාත ලෝකය ශාශ්වතයැ හෝ අශාශ්වතයැ හෝ ලෝකය අන්තවත්යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ එම ජීවය එම ශරීරය හෝ ජීවය අනිකෙකි ශරීරය අනිකෙකි යි හෝ සත්වයා මරණින් මතුවෙහි වේ යයි හෝ නොවේ යයි හෝ සත්වයා මරණින් මතු වන්නේ ද නොවන්නේ ද යයි හෝ සත්වයා මරණින් මතු නො මැවෙයි යනුවෙන් මෙබඳු දෘෂ්ටියක් ඇද්ද මේ දෘෂ්ටි පරාමර්ශයයි කියනු ලැබේ. මේ විස්තරයට කෙලෙස් එක්දහස් පන්සීය පොතේ සඳහන් කරුණු ද එක්කරනු ලැබේ. ගවාදි සතුන්ගේ ප්‍රකෘතිස්වභාවය සීල නම් වේ. එනම් සතර පයින් යාම, බිම නිදාගැනීම, අතට නොගෙන මුවින් ම ආහාර ගැනීම, හුන් තැනම මලමුත්‍ර පහ කිරිම, ගවයන්ගේ ප්‍රකෘති ස්වභාවය ය. ගවයකු මෙන් හැසිරෙමියි මනුෂ්‍යයකු විසින් සමාදන් වී පවත්වන ගව ස්වභාවය ව්‍රත නම් වේ. බුදුසසුනෙන් පිටත්හි ඇතැම් ශ්‍රමණයෝ ශීලයෙන් වෘතයෙන් සත්ත්වයා ශුද්ධවන්නේ යයි සලකති. ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සීලබ්බත පරාමාස නම් වේ. සක්කායදෘෂ්ටිය, විචිකිත්සාව, ශීල වෘතපරාමර්ශය යන මේ තුන සෝවාන් මාර්ගයෙන් ප්‍රහීණ වන සංයෝජනයෝ ය.
Feb 03, 2012 ,09.38 pm
lasantha
soorya piritha and chanra piritha is chanted for what perpouse at the present time
Jan 27 2012
Answer by Admin
සූර්ය පිරිත 1.උණුසුම ඇති කිරිම සඳහා 2.ආරක්ෂාව සඳහා භාවිත කෙරේ චන්ද පිරිත 1.වර්ෂාව ඇති කිරිම සඳහා 2.කාය දාහය නිවීම සඳහා 3.කෝපය, ද්වේශය වැනි රළු ආවේග සමනය කිරිම සඳහා 4.දාහය සහිත කායික රෝග සමනය කිරිම සඳහා 5.ආරක්ෂාව සඳහා
Feb 04, 2012 ,10.48 pm
felix liyanage
I have read almost every book of Rerukane mahanahimi's daham books and want to read thousand times again and again.there is no question.but kindly explain to me .is the gautham budhdha's teaching will end in ten thousand years time?how it happen when there gods in heven who have listened to gautham budhdha's teaching and can live million years.be kindly to me explain this.I know this question no need to help to end the sansarachakra.
Jan 19 2012
Answer by Admin
විනය පිටකයේ චුල්ලවග්ගපාලියේ භික්ඛුනීඛන්ධකයේ සඳහන් වන්නේ වර්ෂ දහසක් පවතින සද්ධර්මය මාගමුන් පැවිදිවීම නිසා වර්ෂ පන්සීයක් පමණක් පවතින බව ය. “වස්සසහස්සං සද්ධම්මෝ තිට්ඨෙය්‍ය“ මේ සඳහන් කර තිබෙන්නේ ප්‍රතිවේද සද්ධර්මය යි. මනෝරථපූරණී අටුවාවේ පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද ශුෂ්ක විදර්ශකයන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද අනාගාමීන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද සකෘදාගාමීන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද වශයෙන් ප්‍රතිවේද ධර්මය වර්ෂ පන්දහසක් පවත්නා බව පැවසේ. සම්පසාදනිය සූත්‍ර අටුවාවේ පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද ෂඩභිඥා රහතුන්ගේ වශයෙන් වරෂ දහසක් ද ත්‍රිවිද්‍යා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද පෘථග්ජන භික්ෂූන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද බුදුසසුන පවත්නා බව ය. පරියාප්ති සද්ධර්මය සුළු කලකින් නැතිවිය හැකි නොවේ. ඒ ධර්මය සෑම තැනකම ව්‍යාප්තව තිබෙන නිසයි. ඒ අනුව නම් වසර පන්දහසකින් නොව දස දහසකින් ද ධර්මය නැතිවෙතැයි සිතිය හැකි නොවේ. එසේම තථාගතයන් වහන්සේ විසින් “මාගේ මේ විනය, මේ ධර්මය මෙපමණ වර්ෂ ගණනකටය, ඉන් ඉදිරියට මේ ධර්මය හා විනය අවලංගුය කියා කිසිදු තැනක සඳහනක් කර ද නැත. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ද “මේ භික්ෂූහු මැනවින් වෙසේ නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන බව ය. වැඩි විස්තර සඳහා “සූවිසි මහා ගුණය“ පොතද ඇසුරට ගැනීම වටිනු ඇත.
Feb 06, 2012 ,09.16 pm
kusum sajeewa fernando
http://www.rerukanemahanahimi.lk/book.php මෙහි ඇති දහම් පොත පත පරිශීලනය කල යුත්තේකෙසේද? මා දර්මය ගැඹුරින් හැදෑරීම ආරම්භ කල යුත්තේ කොතැනින්ද?
Jan 14 2012
Answer by Admin
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් රචිත පොත්වලින් බෞද්ධයාගේ අත්පොත මුලින් ම කියවීම ඉතා වටී. ඉන්පසු කවර පොතක් කියවුව ද සිංහල දන්නවානම් වටහා ගත හැකි ය. අභිධර්මය හැදෑරීමේදී අභිධර්ම මාර්ගය සහ අභිධර්මයේ මූලික කරුණු කියන පොත් දෙක පරිශීලනය කළ යුතු ය.
Feb 04, 2012 ,04.50 pm
Prasad Sandaruwan
can buddhist monk practice as an Ayurvedic doctors or witch doctors.is it not againt buddhist cannon law?
Jan 14 2012
Answer by Admin
බෞද්ධ භික්ෂුන් හට වෙදකම් කිරීම සහ විද්‍යාමය ප්‍රයෝගවල යෙදීම දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ මහාසීලයෙන් අනුමත කර ඇති බවක් නො පෙනේ. එසේම එක්විසි අනේසනයේ ද ආකාර විසි එකකින් ප්‍රත්‍යය නොසෙවිය යුතු බව දක්වා ඇත්තේ ය.ඒ අතර ද “වෙජ්ජකම්මං කරෝති,....සංඝාටිපි ආදිත්තෝ හෝති සම්පජ්ජලිතා“ වෙදකම් කිරීම් ආදී එක්විසි අනේසනයන්හි යෙදී කාලක්‍රියා කොට ශ්‍රමණ යක්ෂයකුව මහ දුක් විඳින බව සඳහන් වේ. “උපසම්පදා ශීලය පොත බලන්න“ එක් විසි අනේසනයන් ගිනියම් වූ ලොහො ගුලි වැනි ය.හලාහල විෂ වැනිය. අනේසන නම් වූ මෙය බුද්ධ ප‍්‍රත්‍යෙකබුද්ධ බුද්ධ ශ්‍රාවකයන් විසින් නින්දා කරන ලද්දේ ය. පිළිකුල් කරන ලද්දේ ය. අනේසනයෙන් ලද පිණ්ඩපාතය වළඳන්නහුට ප්‍රීතියක් හෝ සොම්නසක් හෝ නොවේ. එසේ උපන් පිණ්ඩපාතය මාගේ ශාසනයෙහි චණ්ඩාලයකුගේ ඉඳුල් බත් වැනි ය. එය වැළඳීම සතධම්ම නමැති මානවකයා විසින් කළ චණ්ඩාලයාගේ ඉඳුල් බත වැළඳීම වැනිය.
Feb 05, 2012 ,10.40 am