* = required field
Name :*
Country :*
Telephone :
E-mail :
Message :*
Enter Again this numbers :*

     
Tharaka
අටවිසි පිරිතේ අනුසස්/යහපත කුමක්දැයි කියාදෙන්න.
Apr 22 2012
Answer by Admin
මේ පිරිත භාවිතා කරන තැනැත්තාට අමුනුෂ්‍යයන්ගෙන් කරදර ඇති නොවේ. දෙවියන්ගේ ආරක්ෂාවද ලැබේ. කලක් දිනපතා භාවිත කළහොත් අමනුෂ්‍යයෝ කීකරු වෙති. දෙව බැල්ම නිතර පවතී. අටවිසි බුදුවරයන් වහන්සේලාගේ බලයෙන් ආරක්ෂාව ඇති කරන මෙම ආනුභාව සම්පන්න පිරිත නිතර භාවිතය හොඳය. තමන්ට කියාගන්නා විට අවසාන ගාථාවේ තේපි ත්වං වෙනුවට තේපි‘හං කියා යොදාගෙන කිය යුතු ය.
May 14, 2012 ,05.49 pm
Hasitha namal
මාරයා ට කර්මය අදාළ ද? අදාළ නම් උදාහරණ මොනවා ද?
Apr 18 2012
Answer by Admin
මාරයාටද කර්ම අදාළ වේ. උදාහරණ ලෙස සංයුත්තනිකායේ මාර සංයුත්තයේ පිණ්ඩ සූත්‍රෙය් සඳහන් බුදුරදුන්ට පිණ්ඩපාතය අහිමි කොට පව් සිදු කරගත් පුවත සලකා ගත යුතු ය.
May 14, 2012 ,08.04 pm
nilanga
nithara hithata akusal sithuvili ethivenava. nithara budun wadinawa. bohoho pin daham karanawa. akusal sithivili ena velawata buduguna sihi karath newatha akusal sithivili enawa. kusal wadaka niratha unath akusal sithivili enawa.
Apr 03 2012
Answer by Admin
මෙයින් පැහැදිළි වන්නේ අපි කොපමණ අකුසල භාවනාවේ යෙදී තිබෙනවාද යන්නයි. මේ තත්වයෙන් මිදීමට කළ යුත්තේ බුදුගුණ සිහිකිරීම, මෙත්වැඩීම, කුසල් කිරීම නවතා දැමීම නොව තමාගේ බලාපො‍ෙරාත්තුව ජය ගැනීමට වීර්ය කිරීමයි. තමන්ම තමන්ව හදුනාගෙන ඉදිරියට යන්න. තෙරුවන් සරණයි.
May 13, 2012 ,04.46 pm
Rakitha
theruwan Sarani! Anapana sathi bawanawe palumu piyawara wanne "husma athulwima pitawima menehi kirimada"?husma athulwima,pitawima diha bala gena sitimda?
Apr 03 2012
Answer by Admin
මේ සඳහා පූජ්‍ය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේගේ ආනාපානසති භාවනාව 1 කොටස කියවන්න. ඔබට පරිපූර්ණ පිළිතුරක් එහි අන්තර්ගව ඇත. තෙරුවන් සරණයි෴
May 13, 2012 ,04.50 pm
Gamini
Theruwan Saranai !! Karunakara mata kyala denna niweradi Bojjanga Sutraya saha ehi niveradi sinhala theruma. Rerukane mahanayaka himiyan visin rachitha ""Punnyopadeshaya"" pitu anka 190 thiyena sutraya saha Kaburuptieye Wnarthanabidhana nahimi wisin rachitha ""Piruweana poth wahanse " pitu anka 256 thiyena sutraya sanasandanaya karala beluwama pali wachana wala wenasak thiyenawa..mama hadawath rogayak pelena kenek nisa mema sutraya niweradiwa bawitha kireema hoada bawa danna nisa niwerdi pali yen saha sarala sinhala theruma heki ikkamanin liyala ewanna..meme web adawiya gena oba samata pin Oba semata theruwan saranai Gamini ..
Mar 28 2012
Answer by Admin
පාලි වචනවල හරි වැරදි බැලීමට තරම් මා සමත් වේ. බොජ්ඣංග පිරිතේ තේරුම මට හැකි පරිදි දක්වමි. සසර සැරිසරන්නවුන්ගේ සියළු දුක් නසන්නාවූ මාරසේනා පරදන්නාවූ බෝජ්ඣංග සතකි. එම බොජ්ඣංග ධර්ම අවබෝධ කළ උතුමෝ ත්‍රිවිධ භවයෙන් මිදී ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, බියක් නැති, අමෘත සංඛ්‍යාත නිර්වාණය අවබෝධ කළහ. එබඳු නොයෙක් ගුණ ඇති ඖෂධයක් මෙන්ම බුද්ධ මනන්ත්‍රයක් ද වූ එම බොජ්ඣංග ධර්මයෝ දේශනා කරන්නෙමු. සතිය, ධම්මවිචය, විරිය, පීතිය, පස්සද්ධිය, සමාධිය, උපෙක්ඛාවය, යන මේ බොජ්ඣංග ධර්ම සත සියල්ල දක්නාවූ සර්වඥ මුනිවරයන් වහන්සේ විසින් භාවිතා කරන ලද හ. එම බොජ්ඣංග ධර්මයෝ විශේෂ ඥානය පිණිස ද නිර්වාණාවබෝධය පිණිස ද පවත්නාහ. එම සත්‍යානුභාවයෙන් ඔබට/ මට සැම කල්හි යහපතක් වේවා. එක් කලෙක මුගලන් තෙරුන් වහන්සේ සහ මහා කාෂ්‍යප තෙරුන් වහන්සේ ගිලන්ව දුක්ඛිතව සිටිනු දැක ලෝක නාථයන් වහන්සේ මෙම සප්ත බොජ්ඣංග ධර්ම දෙසූහ. උන්වහන්සේලා එය අසා සතුටු වූයේ එකෙනෙහිම රෝයෙන් මිදුනා හ. ඒ සත්‍යානුභාවයෙන් ඔබට?/ මට සැම කල්හි යහපතක් වේවා. එක් දිනක් ධර්ම රාජ වූ බුදුරජාණන් වහන්සේ ද ගිලන්ව රෝගයෙන් පීඩිතව, චුන්ද තෙරැන් වහන්සේ ලවා සාදරයෙන් බොජ්ඣංග ධර්ම දේශනා කරවා ගත්හ. එය අසා සතුටු වූ උන්වහන්සේ එකෙනෙහිම රෝගයෙන් නිදහස් වූහ. නිරෝගී වූහ. එම සත්‍යානුභාවයෙන් ඔබට/ මට සැමකල්හි යහපතක් වේවා. මාර්ග ඥානයෙන් කෙලෙස් ප්‍රහාණය කළාක් මෙන් යළි නූපදින අයුරින් ම එම මහාර්ෂීන් වහන්සේලා තිදෙනාගේ රෝගයෝ ප්‍රහාණය වූහ. එම සත්‍යානුභාවයෙන් ඔබට/ මට සැමකල්හි යහපතක් වේවා. මේ අර්ථය සිහිකරමින් පුණ්‍යේපදේශය පොතේ තිබෙන බොජ්ඣංග පිරිත කියා ආශිර්වාදය සලසා ගන්න.
Apr 30, 2012 ,09.51 pm
prasadi
Bauddhayage ath potha ha abhidharmartha sangrahaya antharjalayen kiyaweemata laba gatha nohekida?
Mar 26 2012
Answer by Admin
laba gatha hekiya
May 14, 2012 ,08.07 pm
prasadi
Bhawana kireema aramabha karana adhunikayek hetiyata mulinma puhunu kala yuthu bhawana kramaya kumakda?
Mar 26 2012
Answer by Admin
බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව මුලින් පුහුණුකිරීම වටිනු ඇත. තෙරුවන් සරණයි.
May 13, 2012 ,04.57 pm
Muditha Champika
සත් තිස් බෝධි පාක්ෂික ධර්මයන් හා දස පාරමී ධර්මයන් යනු එකක්ද? මේ දෙක අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?
Mar 26 2012
Answer by Admin
අති උතුම් ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීම සඳහා කළ යුතු දෙය නම් බෝධිපාක්ෂික ධරම වැඩීමය. තවත් ආකාරයකින් සඳහන් කරනවා නම් සීල, සමාධි, ප්‍රඥා තුන ඇතිකිරීම ය. නැතහොත් පාරමි ධර්මයන් සම්පූර්ණ කිරීමය. මෙය කියවන අය පාරමිතා සම්පූර්ණ කිරීම ම ඇති බෝධිපාක්ෂික ධරම් අවශ්‍යය නැත යන අදහස නොගෙන බෝපාක්ෂික ධර්ම සම්පූර්ණ කිරිම යනු පාරමිතා සපිරීමක් ලෙසත්, පාරමිතා පිරීම යනු බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කිරිමක් ලෙසත් සලකා ගෙන බෝධිය සඳහා කටයුතු කළ යුතුය. මේ දෙක අතර ඇති සම්බන්ධතාවය කෙටියෙන් නමුත් මෙසේ දැන ගත යුතු ය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන සම්මා සතිය දස පාරමිතාවල වචනයක් වශයෙන් සඳහන්ව නොතිබුන ද සම්මා සතිය දස පාරමිතාවන් සපිරිම පිණිසම අවශ්‍යය වේ. එසේ සත්තිස් බෝධිපාක්ෂිධර්මයන් ම දස පාරමිතාවලද අන්තර්ගත වන බව සලකා ගන්න. තෙරුවන් සරණයි.
May 17, 2012 ,03.53 pm
Upasaka
බුදුන් වහන්සේ ඡත්ත මානවකයාට දේශනා කරන ලද යෝවද තම්පව ගාතාවන් හා ඒවායේ සිංහල තේරුම් පහදා දෙන්න බොහෝ පින්
Mar 25 2012
Answer by Admin
යො වදතං පවරෝ මනුජේසූ-සක්‍යමුනී භගවා කතකිච්චෝ-පාරගතෝ බලවිරියසමඞගී-තං සුගතං සරණත්ථමුපේහි. තේරුම- මිනිසුන් අතර වාදීන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ ශාක්‍යමුනීන්ද්‍ර වූ භාග්‍යවත් වු කළ කිස ඇති නිවනට පැමිණි කාය බල ඤාණ බලයෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත වූ යමෙක් වේද ඒ සුගතයන් වහන්සේ වෙත පිහිට පිණිස එළඹෙව. රාගවිරාගමනෙජමසෝකං-ධම්මමසංකතමප්පටිකූලං-මධුරමිමං පගුණං සුවිභත්තං-ධම්මමිමං සරණත්තමුපෙහි. තේරුම- රාගය දුරුකරන්නා වූ තෘෂ්ණා රහිත වූ ශෝක රහිත වූ අප්‍රතිකූල වූ මේ මාර්ගඵල නිර්වාණ ධර්මය ද මිහිරි වු ප්‍රගුණ වූ මැනැවින් බෙදූ මේ පර්යාප්ති ධර්මය ද පිහිට පිණිස එළඹෙව. යත්ථ ච දින්නමහප්ඵලමාහූ-චතුසු සුචීසු පුරිසයුගේසු- අට්ඨ ච පුග්ගල ධම්මදසා තේ- සංඝමිමං සරණත්ථමුපේහීති. තේරුම- යම් ආර්ය සංඝරත්නයක් කෙරෙහි දෙන ලද්ද මහත් ඵලැයි කීහු ද? පිරිසිදු පුරුෂයුග සතරෙක්හි වූ සිවුසස් හා නිවන් ප්‍රත්‍යක්ෂ විසින් දක්නා වූ ඒ පුද්ගලයෝ අටදෙනෙකි. මේ සංඝයා පිහිට පිණිස එළඹෙව.
May 13, 2012 ,04.52 pm
sugath kumara
rerukane hamuduruwange nikuth kara ethi books kiyaviya uthu anu piliwala mokakda
Mar 23 2012
Answer by Admin
බෞද්ධයාගේ අත්පොත 1, පුණ්‍යෝපදේශය 2, චතුරාර්යය සතයය 3, මේම පොත් තුන මුලින් කියවා බැලූවිට ඊළඟට කියවිය යුතු පොක් පිළිබඳ අමුතුවේ කීමට අවශ්‍ය නොවනු ඇත.
Mar 24, 2012 ,12.11 am
Muditha Champika
රහත් බවට පත් වීමේදී, තෘෂ්ණාව ආදී සියලු කෙලෙසුන් සහමුලින්ම නැතිකර දමා පටිච්ච සමුප්පාද චක්‍රය නවතා දමයි. මෙය නිවැරදිද? රහත් වීමේදී, සියලු කුශලා කුසල කර්මයන් නැතිකර දමනවාද?
Mar 22 2012
Answer by Admin
1. අවිද්‍යාව මේ සංසාර චක්‍රයාගේ එක් මූල ධර්මයකි.තෘෂ්ණාව එක් මූල ධර්මයකි. මේ හේතු ඵල පරම්පරාව චක්‍රයක් සේ පවත්නේ වී නමුත් අවිද්‍යා තෘෂ්ණා දෙක නැති කිරීමෙන් සංසාර චක්‍රය සිඳී යන්නේය. වෙන ක්‍රමයකින් සංසාර චක්‍රෙයන් නොමිදිය හැකි ය. 2. නැත. උදාහරණයට මුගලන් මහරහතන් වහන්සේව අරගන්න.
Mar 24, 2012 ,12.13 am
Chamini MIthawa
Theruwan saranai!! Budunge kalaye sanghaya vahanselata mas puja kara eththe ethem vita hitha matha nomaru(ibe marunu) sathunge mas viya nohakida? Mekayale sathun mara vikunanne ema mas milata ganna aya nisa neda? milata noganne nam sathunta abhaya danaya labenawa neda? enisa mas kema yam kisi akusalayak noveda? Karunakara pahada denna. Sthuthiy!
Mar 14 2012
Answer by Admin
ඔබගේ පළමු ප්‍රශ්නයට පිළිතුර වශයෙන් දීමට ඇත්තේ එසේ සිදුවිය නොහැකි බවයි. ඒ මන්ද යත් සතා මියගියේ රෝගයකින් නම් ඒ මස අනුභව කරන්නාටද රෝග වැළඳීමට සහ මරණාසන්න වීමට හෝ මියයාමට ද ඇති ඉඩ වැඩි බැවිනි. මස් කඩේක මස් අවසන් වූ පසු පාරිභෝගිකයා වෙනත් කඩයකට ගොස් තම අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නා ආකාරය අප මෙතක් දැක ඇති දසුන ය. එසේ නම් වරද ඇත්තේ තමා ළඟම ය. ඒ මස් සඳහා ඇති ගිජු බවයි. තෘෂ්ණාව ද අකුසලයකි. පවක් සිදුවෙනවාදැයි සැකයෙන් යුක්තව මස් අනුභව කිරීමද අකුසලයකි. මස් කෑම අකුසලයක් වන ආකාරය මීට පෙර පැහැදිළි කර ඇත.
Mar 23, 2012 ,11.20 pm
Chamini MIthawa
Rerukane Himige 'Bodhi Puja' pothe, pas visi budu varu gena (pituwa 34) vitharak dakva eththe manda? Budu varu visi ata namak weda sitiya neda? karunakara pahadili kara denna. sthuthui
Mar 14 2012
Answer by Admin
බෝධි පූජාව පොතේ අටවිසි බුදුවරු පිළිබඳ සඳහන් නොවුනාට නාහිමියන් විසින් ම රචිත පුණ්‍යෝපදේශය පොතේ 157, 222, 227 පිටුවල අටවිසි බුදුවරු වඳින ආකාරය සහ පූජා පවත්වන ආකාරය පිළිබඳ විස්තර සඳහන් වේ. තණ්හංකර බුදුරදුන්, මේදංකර බුදුරදුන් සහ සරණංකර බුදුරදුන් ප්‍රතික්ෂේප කිරීමක් බෝධිපූජා පොතින් සිදු කර නැත. වරදවා නොගත යුතුය.
Mar 23, 2012 ,10.50 pm
Gamini
Theruwan Sarani !!! Dinapatha, nitharama sajjayana kalaheki maithree wedeemata upakarawna patayak..(waganthiyak ) liya dakwanenam itha pinsiduwenawa
Mar 07 2012
Answer by Admin
විරූපක්ඛේහි මේ මෙත්තං - මෙත්තං ඒරාපථේහිමේ, ඡබ්‍යාපුත්තේහි මේ මෙත්තං - මෙත්තං කණ්හාගෝතමකේහිච, අපාදකේහි මේ මෙත්තං - මෙත්තං දිපිදකේහි මේ, චතුප්පදේහි මේ මෙත්තං - මෙත්තං බහුප්පදේහි මේ, මාමාං අපාදකෝ හිංසි - මා මාං හිංසි දිපාදකෝ, මා මං චතුප්පදෝ හිංසි - මා මං හිංසි බහුප්පදෝ , සබ්බේ සත්තා සබ්බේ පාණා - සබ්බේ භූතා ච කේවලා , සබ්බේ භද්‍රානි පස්සන්තු - මාකඤ්චි පාපමාගමා, අප්පමාණෝ බුද්ධෝ, අප්පමාණෝ ධම්මෝ, අප්පමාණෝ සංඝෝ, පමාණවන්තානි සිරිංසපානි අහිවිච්චිකා සතපදි, උණ්ණානාභි සරබූ මූසිකා, කතාමේ රක්ඛා කතා මේ පරිත්තා පටික්කමන්තු භූතානි, සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මාසම්බුද්ධානන්ති.--- තේරුම-මාගේ මෛත්‍රිය විරූපාක්ෂනම් සර්ප කුලයන් සමග ය. ඒරාපතනම්....ඡබ්‍යාපුත්ත නම්.... කණ්හාගෝතම නම් සර්ප කුලයන් සමග ය. - මාගේ මෛත්‍රිය පා නැති දීර්ඝ ජාතීන් සමගය. මාගේ මෛත්‍රය දෙපා ඇති... සිවුපා ඇති... බොහෝ පා ඇති සත්වයන් සමගය. - අපාදක සත්ත්වයෙක් මා නොපෙළාවා. ද්විපාදක... සිවුපා...බහුපා සතෙක් මා නොපෙළාවා. - හැම සත්වයෝ ද, ප්‍රාණීහුද , සියලු භූතයෝ ද හැම දෙන යහපතක්ම දකිත්වා. මොවුන් කිසිවෙකු කරා දුකක් නොපැමිණේවා. - බුදුගුණ දම් ගුණ සඝ ගුණ අපමණය දීර්ඝ ජාතීහු නම් ප්‍රමාණවත් ය. තෙරුවන් ගුණ සිහිකිරීමෙන්ද මාවිසින් ආරක්ෂාව කරන ලද්දීය. මා විසින් පරිත්‍රණයෝ කරන ලද්දාහු ය. මා කෙරෙහි අදහස් ඇති සත්ත්වයෝ ඉවත් වෙත්වා. මා නොවෙහෙසාවා. ඒ මම භාග්‍යවතුන් වහන්සේට ද වඳිමි. සත් බුදුවරුන්ටද වඳිමි.
Mar 12, 2012 ,09.40 am
Upasaka
කාම තණ්හා ,භව තණ්හා හා විභව තණ්හා කරුණාකර පහදාදෙන්න
Feb 14 2012
Answer by Admin
මනාප රූප ශබ්දාදි පඤ්ච කාමයන් ට ආශාව කාම තණ්හාව ය. රූප අරූප භවයන්ට රූපාරූප ධ්‍යානයන් ට අශාව භව තණ්හාව ය. ජීවත් වන තාක් හැකිතාක් සැප විඳිය යුතු ය යි සිතන්නවුන්ගේ උච්ඡේද දෘෂ්ටි සහගත ආශාව විභව තණ්හාව ය. (චතුරාර්ය සත්‍යය පොත කියවන්න)
Feb 15, 2012 ,06.48 pm
Kanchana Senanayake.
Ahara sadaha mansa(mas) aharayata genima nisa panathipath pansil padaya ullanganaya wenawada?Apge budurajananwahanse mansa anubawa kirima thahanam kara thibeda?mansa anubawa kirima gena budurajanan wahansege igenwema kumakda? Thiruwan sarani.
Feb 12 2012
Answer by Admin
ප්‍රාණඝාතයෙන් වැලකීම ශීලයයි. පානාතිපාතය උල්ලංගනය කිරීම හොඳ දෙයකි. පානාතිපාතය නම් සත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවතින්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම නම් වේ. එම කර්මය සිදුවීමට අංග පහක් සම්පූර්ණ විය යුතු ය.පාණෝ හවේ පාණසඤ්ඤි - වධක චිත්ත මුපක්කමෝ, තේන ජීවිත නාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ. 1.පණ ඇති සතකු වීමජය. 2. පණ ඇති සතකු බව දැනීම ය. 3. මරණු කැමති සිත ය. 4. මරන්නට උපක්‍රම කිරීමය. ඒ උපක්‍රමයෙන් මරණය සිදුවීමය යන අංග පහ සම්පූර්ණ වීමෙන් පානාතිපාත කර්මය සිදුවේ. ජීවක සූත්‍රෙය්දී මාංස පරිභෝග නොකටයුතු යයි බුදුරදුන් දේශනා කර ඇති කරුණු තුනකි. 1.දක්නාලද්දේ(දිට්ඨං) 2.අසනා ලද්දේ(සුතං) 3.සැක කරන ලද්දේ(පරිසංකිතං)මෙම කරුණු තුනට යටත් මාංසය වැළඳීමෙන් භික්ෂූන්ට නම් දුකුළා ඇවැත් සිදුවේ. එසේ ම කරුණු තුනකින් පරිශුද්ධ වූ මාංසය වැළඳිය යුතුය අනුමත කර ඇත. 1.නො දක්නා ලද්දේ(අදිට්ඨං) 2.නො අසන ලද්දේ(අසුතං) 3.සැක නොකරන ලද්දේ (අපරිසංකිතං) මෙයට ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය යයි ද කියනු ලැබේ. එසේ ම භික්ෂූන් විසින් මිනීමස්, ඇත් මස්, අස් මස්, බලු මස්, සර්ප මස්, සිංහ මස්, ව්‍යාග්‍ර මස්, දිවිමස්, වලස් මස්, තරස්මස්(වලස් වර්ගයකි) යනුවෙන් සඳහන් මස් වර්ග දහය වැළඳීම අකැප ය. තවද අං.නි. මනාපදායී සූත්‍රයේ දී උග්‍ර ගෘහපති තමන් කැමති දෑ ලබනු පිණිස ඩෙබරපල මුසු එක් හැවිරිදි හූරකුගේ මස් බුදුරදුන්ට පිළිගැන්වූ බවත් බුදුරදුන් එය පිළිගත් බවත් සඳහන් වේ. පසුව උග්‍ර ගෘහපති මිය ගොස් උග්‍ර දෙවපුත්‍රව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි කල්හි භාග්‍යවතුන් වහන්සේ, කිම තොපගේ අදහස් පරිදි වී දැයි විමසූ විට තමන්ගේ අදහස් පරිදි වූ බව පැවසී ය. එහිදී බුදුරදුන් දෙසූයේ මනාපදායී ලබතේ මනාපං-අග්ගස්ස දාතා ලභතේ පුනග්ගං, වරස්ස දාතා වරලාභි හෝති- සෙට්ඨන්දදෝ සෙට්ඨමුපේති ඨානං. යනුවෙන් මනාප දෑ දෙනුයේ මනාප දෑ ලබන බවත්, අග්‍ර වූ දැය දෙනුයේ අග්‍ර වූ සුව ලබන බවත්, උතුම් දැය දෙනුයේ උතුම් දැය ලබන බවත්, ශ්‍රේෂ්ඨ දැය දෙනුයේ ශ්‍රේෂඨ වූ ස්වර්ගයට පැමිණෙන බවත් ය. ඛුද්දකනිකායේ ආමගන්ධ සූත්‍රයේ දී ආමගන්ධ සංඛ්‍යාත ක්ලේශයන් සඳහන් රමින්, මාංස භෝජනය ආමගන්ධ නොවේ යයි දේශනා කර ඇත. ආමගන්ධ-පිළී ගඳ, යන අරුත ප්‍රකාශ වේ. මේ සූත්‍රය අනුව පැවසෙන්නේ නම් මස් මාලු පිළීගඳට වඩා ප්‍රාණඝාත, අනුන්ට හිංසා කිරීම, සොරකම, මුසාව, ප්‍රතිඥාඝාතය, වඤ්චාව, පරඹුවන් සේවනාදි පවුකම් පිළීගඳ බව විය යුතු ය. සද්ධර්මාලංකාරයේ සාලිරාජ වස්තුවේ තිස්ස නම් කම්මල් කරුවෙකුගේ ඌරුමස් දානය සඳහා රහතන් වහන්සේලා අට නමක් වැඩි බව සඳහන් වේ. ඒ දානයේ ආනිසංස ලෙස කම්මල්කරු මියගොස් දුටුගැමුණු රජුගේ පුත් සාලිරාජ කුමාරව උපන් බව ද සඳහන් වේ. අං.නි. වණිජ්ජා සූත්‍රයේ දී උපාසකයකු විසින් නො කටයුතු වෙළෙදාම් පහට සත්ව හිංසාව පිණිස අවි වෙළඳාමත්, මස් පිණිස සතුන් වෙළඳාමත් සඳහන් ව ඇත. තවද ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂා පදයක් තිබෙන බවද අමතක නොකළ යුතු ය. තිස්ස කම්මල් කරු භික්ෂූන්ට පිදුවේ ද තමන්ට වැටුප් ලෙස ලැබුණු මාංසයකි. ඒ නිසා වරදවා නො වටහා ගත යුතු ය.
Feb 15, 2012 ,06.34 pm
sujith
mata 28 buduwaru gana witharayak dana gana puluwanda?
Feb 11 2012
Answer by Admin
01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය. 02.මේධංකර බුදුරජාණන් වහන්සේ සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක් දුෂ්කර ක්‍රියා කොට කෑල නැමති බෝධි මුලයේදී බුදු බවට පත්විය. 03.සරණංකර බුදුරජාණන් වහන්සේ සුමංගල රජු හා යසවතී දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ පුලිල බෝධි මුලයේදී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදු බවට පත්විය. 04.දීපංකර බුදුරජාණන් වහන්සේ සුදේව රජු හා සුමේධා දේවිය මවුපියන් වු දීපංකර බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට පුලිල බෝධි මුලයේදී බුදු බවට පත්විය. 05.කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ සුනන්ද රජුත්,රම්‍යාවති දේවියත් මවුපියන් වු කොණඩඤ්ඤ බුදුන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට සල් ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය. 06.මංගල බුදුරජාණන් වහන්සේ මංගල බුදුන් වහන්සේ මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගස් සෙවණකදී බුදුබවට පත්විය.උත්තර රජු හා උත්තර දේවිය මවුපියන් විය. 07.සුමන බුදුරජාණන් වහන්සේ සුදත්ත රජු හා සිරිමා බිසව මව්පියන් වු සුමන බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය. 08.රේවත බුදුරජාණන් වහන්සේ විපුල රජු හා විපුල බිසව මව්පියන් වු රේවත බුදුරජාණන් වහන්සේ මාස07ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය. 09.සෝභිත බුදුරජාණන් වහන්සේ සෝභිත බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක මුල බුදු බවට පත්විය.සුධම්ම රජු හා සුධම්ම දේවිය මව්පියන් විය. 10.අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුන් වහන්සේ මාසයක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්විය. 11.පදුම බුදුරජාණන් වහන්සේ සුදේව රජු හා අනෝමා දේවිය මව්පියන් වු පදුම බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය. 12.නාරද බුදුරජාණන් වහන්සේ මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය. 13.පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කිරිපලු ගසක යට බුදුබවට පත්වු පදුමුත්තර බුදුන් වහන්සේ සතියක් දුෂ්කරක්‍රියා කොට ඇත.සුජාතා දේවිය හා ආනන්ද රජු මව්පියන් වේ. 14.සුමේධ බුදුරජාණන් වහන්සේ බක්මී ගසක් සෙවණේ බුදු බව ලැබු මාස 08 ක් දුෂ්කරක්‍රියා කලේ සුමේධ බුදුන් වහන්සේයි.එම හිමියන්ගේ මව්පියන් වුයේ සුමන දේවිය හා සුදත්ත රජතුමාය. 15.සුජාත බුදුරජාණන් වහන්සේ උද්ගත රජු හා ප්‍රභාවති දේවිය මවුපියන් වු සුජාත බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට හුණ ගසක සෙවණේ බුදු බවට පත්විය. 16.පියදස්සී බුදුරජාණන් වහන්සේ සුදත්ත රජු හා සුවේන්ද්‍ර බිසව දෙමාපියන් වු පියදස්සී බුදුන් වහන්සේ මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් කුඹුක් සෙවණකදී බුදුබවට පත්විය. 17.අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ සපුගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ. 18.ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ සුනන්ද දේවිය හා සරණ රජු මව්පියන් වු ධම්මදස්සි බුදු හිමි ධම්මදස්සි බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට කරවි ගසක් යට බුදු බවට පත්විය. 19.සිදුහත් බුදුරජාණන් වහන්සේ කිණිහිර බෝධිය කර ගෙන සිදුහත් බුදු හිමි බුදු බව ලැබු අතර මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට ඇත.පියා උදේනි රජුද, මව සුප්පා බිසව විය. 20.තිස්ස බුදුරජාණන් වහන්සේ කොහොඹ ගසක මුලයේ බුදුබව ලැබු තිස්ස බුදුරජුන් මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට ඇත. එම හිමියන්ගේ මව්පියන් වුයේ පදුමා දේවිය හා ජනසන්ධ රජතුමාය. 21.ඵුස්ස බුදුරජාණන් වහන්සේ ඵුස්ස බුදුන් වහන්සේ මාස 06 ක් දුෂ්කර ක්‍රියා කොට නෙල්ලි ගසක සෙවනේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ සිරිමා දේවිය හා ජයසේන රජතුමාය. 22.විපස්සි බුදුරජාණන් වහන්සේ පලොල් ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට විපස්සි බුදුන් වහන්සේ බුදු බවට පත්විය. මාපියන් වුයේ මදුමති දේවිය හා බන්දුන්තු රජතුමායි. 23.සිඛි බුදුරජාණන් වහන්සේ අඹ ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට සිඩ් නම් බුදුන්වහන්සේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ ප්‍රභාවති දේවිය හා අරුණවන්තු රජතුමාය. 24.වෙස්සභු බුදුරජාණන් වහන්සේ සල් ගසක සෙවනේ බුදු බව ලබා ගත් වෙස්සභු බුදුන් වහන්සේ මාස 06 ක කාලයක් දුෂ්කර ක්‍රියා කොට ඇත. මාපියන් වුයේ යසවති බිසවත් හා සුප්පාසික රජතුමායි. 25.කකුසඳ බුදුරජාණන් වහන්සේ කකුසඳ බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කරක්‍රියා කොට බක් ගසක සෙවණේ බුද බව ලබාගත්තේය.ඛේම පියරජුත්,විශාකා දේවියත් මව්පියන් විය. 26.කෝණාගම බුදුරජාණන් වහන්සේ දිඹුල් ගසක සෙවණේ බුදු බව ලැබු කෝණාගම බුදුන් වහන්සේ මාස 06ක් දුෂ්කර ක්‍රියා කරන ලදි.මව උත්තරා දේවියද, පියා යඤ්ඤදත්ත රජු ද විය. 27.කස්සප බුදුරජාණන් වහන්සේ ධනවති දේවියත්,බ්‍රහ්මදත්ත රජු දෙමව්පියන් වු කස්සප බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට නුග සෙවණකදි බුදු බවට පත්විය. 28.ගෞතම බුදුරජාණන් වහන්සේ මහාමායා දේවියත් සුදෝවුන් රජුත් දෙමව්පියන් වු ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 06 ක් දුෂ්කර ක්‍රියා කොට ඇසතු බෝධි මුලයේ දී බුදුබවට පත්විය. මේ තොරතුරු සොයා ගත්තේ චාමිකගේ වෙබ් අඩවියෙනි. තහඞකර බුදුරදුන්, මේධංකර බුදුරදුන්, සරණඞකර බුදුරදුන් ගැන පූජාවලියේ දෙවන පරිච්ඡේදයේ සඳහන් වේ. ඒ හැර අනෙක් බුදුවරු විසිපස්දෙනා වහන්සේ පිළිබඳ තොරතුරු බුද්ධවංශ පාළියේ සඳහන් වේ.
Feb 13, 2012 ,06.44 am
Upasaka
තෙරුවන් සරණයි පස්මරුන් කවරේද යන්න පහදා දෙන්න
Feb 10 2012
Answer by Admin
1. මෘත්යු මාර-මරණය, 2. ස්කන්ධ මාර-පඤ්චස්කන්ධය, 3. ක්ලේශ මාර-කෙලෙස්, 4. අභිසංස්කාර මාර-සසර ඉපදීමට හේතු වන සිත්, 5. දේවපුත්‍ර මාර-වසවර්ති මාර.
Feb 11, 2012 ,02.17 pm
Ven. Poramadulle Rathanapala
Budu dahama sarwa sadharana dahamak.pali,sinhala wansakathawala thiyana athishayokthi warnana nisa budu dahame thiyana thathwika bawa nethiwenawa neda? Wenath agamwala aya godak ape sahithya gena thamai danne.ehema kenek me gena magen ahapu nisai man meka obawahansegen ahanne. Wansakatha budu dahamata kelalak neda?
Feb 07 2012
Answer by Admin
වංශකතාවල සඳහන් වන දේවල් පිළිබඳව තවදුරටත් විමසා බැලිය යුතු ය. වංශකතාවල සඳහන් වන දේවල් නිසා බුදු දහමට කැලැලක්ම වන බව පැවසීමට ඉක්මන් නොවිය යුතු ය. මධයස්ථව විමසා බැලිය යුතු ය.
Feb 10, 2012 ,03.23 pm
Priyanka
මම පිට රටක වෙසෙමි. "මෙකල නිවුණු ඇත්තෝ" පොත අන්තර්ජාල්ය තුළින් ලබා ගැන්මට හැකියාවක් පවතිනවාද ? තෙරුවන් සරණයි.
Feb 07 2012
Answer by Admin
මෙකල නිවුණු ඇත්තෝ පොත තවමත් ස්කෑන් කරමින් සිටිමි. ඉදිරියේදී දැක ගන්නට අවස්ථාව සැලසේ.
Feb 10, 2012 ,03.25 pm