* = required field
Name :*
Country :*
Telephone :
E-mail :
Message :*
Enter Again this numbers :*

     
subhashinie
"mekala niunu attho" potha pdf lesa labagatha heki da?
Aug 28 2012
Answer by Admin
mul pitu pamanak pdf kara dama atha
Sep 15, 2012 ,06.13 pm
chamara
Dethis kunupa waladi bada diwa yanuwen hadunwana awayawaya kumakda?
Aug 27 2012
Answer by Admin
spleen යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් වන්නේ මෙම කොටසයි.
Sep 15, 2012 ,06.19 pm
THILINA
'දුෂ්කරක්රියාව' හා 'ප්‍රධන් වීර්යය' යන වචන දෙකේ අර්ථ සමාන වේ ද?
Jun 25 2012
Answer by Admin
දුෂ්කරක්‍රියාව යනු අත්තකිලමතානු යෝගයයි. ප්‍රධන් වීර්ය යනු කෙලෙස් නැසීම සඳහා අවශ්‍ය වීර්ය යි. මේ දෙකේ අර්ථ සමාන නොවේ. මෙය වඩාත් පැහැදිළි වන්නේ බදුරදුන් සෝණ තෙරුන් හට කර ඇති දේශනාවක් ය. සෝණ තෙරුන් දැඩි ලෙස වීර්ය කළ තෙරනමකි. උන්වහන්සේගේ වීර්ය තරම සක්මන් මලුව හරක් මැරූ තැනක් සේ ලේ තැවරී තිබීමෙන් පැහැදිළිය. ඔහුගේ වීර්යයේ ප්‍රතිඵලයක් නොවීය. කය වෙහෙසුනා පමණි. ඊට දක්වා ඇති නිදසුන නම් වීනාවක තත් වඩාත් තද කළ විට මිහිරි හඬක් නො නැගේ. තත් ලිහිල් කළ විටද මිහිරි හඬක් නොනැගේ. තත් මධ්‍යස්ථ ආකාරයෙන් තැබූ විට හඬ මිහිරි වේ. කෙලෙස් නැසීමට වීර්ය කරන්නා ද මෙබඳු විය යුතු ය. මෙම කෙලෙස් නැසීමට ගන්නා වීර්යට අතාපි කියන වචනය ද යෙදී තිබේ.
Jun 27, 2012 ,01.04 pm
kalum Wimalarathna
Hamuduruwane, "Samatha bavanawa" sadaha yomu vima kiyaviyayuthu poth monawada? Niwasaka "Budu" piyamayak pradana doren athulwena witama penenna thabima nusudusuda(niwasin pitatha bala sitina lesa thibima)? Oba samata Budu Saranayi!
Jun 21 2012
Answer by Admin
පාරමිතා ප්‍රකරණය සහ බෞද්ධයාගේ අත්පොත රේරුකානෙ නායක හාමුදුරුවන්ගෙ පොත්වලින් සුදුසු ය. ප්‍රතිමා තැන්පත් කිරීම සඳහා බස්නාහිර දිසාව හැර සෙසු දිසාවන් සුදුසු බවයි ජන මතය වන්නේ. ඒ පිළිබඳව දුරවබෝධය පිණිස නැකැත් ශාස්ත්‍ර දන්නා කෙනෙකුගෙන් විමසන්න. තෙරුවන් සරණයි.
Jun 21, 2012 ,10.15 pm
Chathura Dolahamuna
පින්වත් ඔබ සැමගෙන් අසන්නට තව ප්‍රශ්නයක් තිබෙනවා. පැවිදි කල හැකි නොකල හැකි පිරිස් ගැන සඳහන් වෙනවා. මෙහිදී දරුවන් පැවිදි කිරීමට දෙමාපිය අවසරයක් අවශ්‍යයි. විවාහ වී සිටින තරුණයෙකු පැවිදි කිරීමටද දෙමාපිය අවසරය ගත යුතුද? ඔබ සැමට තෙරුවන් සරණයි
Jun 21 2012
Answer by Admin
අපගේ ආචාර්යන් වහන්සේ සඳහන් කළ පරිදි නම් දෙමව්පියන් සහ භාර්යාව යන තිදෙනාගෙන් ම අවසර ගත යුතුය. මව්පියන්ගෙන් අවසර නොගෙන කුල දරුවන් පැවිදි කරන ගුරුවරයාට දුකුළා ඇවතක් වන බව විනයපිටක මහාවග්ග පාළියේ සඳහන්වේ. තෙරුවන් සරණයි.
Jun 21, 2012 ,10.00 pm
Chathura Dolahamuna
පින්වත් ඔබ සැමගෙන් අසන්නට ප්‍රශ්නයක් තිබෙනවා. බුදු දහමට අනුව, ගිහියාට පැවිද්දන්ට අවවාද අනුශාසනා කල හැකිද? මේ සම්බන්ධ බුද්ධ දේශනා තිබෙනවාද? එසේනම් ඒවා මොනවාද? එසේ කල නොහැකිනම් ඒවාට හේතු මොනවාද? කල හැකිනම් ඒ කෙසේද? ඔබ සැමට තෙරුවන් සරණයි
Jun 21 2012
Answer by Admin
ඔබ කරන අවවාද අනුශාසනා කරන්නේ ගර්හා කිරීමේ අර්ථයෙන් කරනවාද කියා නම් පවසා නැත. කෙසේ හෝ ඔබ අසා ඇති ප්‍රශ්න සමූහයට ම පිළිතුර රේරුකානේ නාහාමියන් රචිත බෞද්ධයාගේ අත්පොත 32 පිටුවේ සිට 39 පිටුව තෙක් ඇති පිටුවල සඳහන්ව තිබේ. කියවාගන්න. තෙරුවන් සරණයි.
Jun 21, 2012 ,04.36 pm
s.sivalingam
අපේ හමදුරුවනේ, මහානාහිමියන්ගේ පොත් වලන් පිලිකුල් භාවනාව විස්තර කර ඇති පොත කුමක්ද හමදුරුවනේ. තෙරුවන් සරනයි
Jun 11 2012
Answer by Admin
බෞද්ධයාගේ අත්පොත. 150 පිටුව
Jun 12, 2012 ,07.06 am
Padmini Ranawaka
astapana warga monawada ? mema pujawe anisansa monawada
Jun 08 2012
Answer by Admin
අඹවලින් සාදන පානය, ජම්බු ගෙඩිවගින් සාදන පානය, ඉදුණු ඇටිකෙසෙල් ගෙඩිවලින් සාදන පානය, අනෙක් කෙසෙල් ගෙඩිවලින් සාදන පානය, අමු මුද්‍රපලම්වලින් සාදන පානය, වියලි මුද්‍රපලම්වලින් සාදන පානය, ඔලු ගෙඩිවලින් සාදන පානය, කටු උගුරැස්ස ගෙඩිවලින් සාදන පානය, - වාතය, පිත සෙම යන තුන්දොස් සමනය කරන්නා වූ කාය බල වඩන්නාවූ ආයු වඩන්නා වූ බව ගිලන්පස දානයේ ආනිසංස ලෙස සඳහන්වේ. වැඩි විස්තර පුණ්‍යෝපදේශය සහ පොහොය දිනය පොත් දෙකෙන් දැක ගත හැකි ය.
Jun 11, 2012 ,12.00 am
athula
Awasarai swamin vahansa,Kasina bavanawa pilibadava danagathahaki sinhala bashaven rachita poth gana sandahanak kala hakida ,
May 31 2012
Answer by Admin
සිංහලට පරිවර්තනය කළ විශුද්ධිමාර්ගය පොතෙන් දැනගත හැකි ය. තෙරුවන් සරණයි.
Jun 02, 2012 ,02.03 pm
s.sivalingam
ධර්මය තුල පිරිත් වර්ග ගොඩක් තියනවා එවා භාවිතා කර ඇත්තේ විවිධ අවස්ථා වල විවිධ හේතු කාරනා අනුවය.පිරිත් වල ගුණ වඩා වඩා ලැබිමට නම් එය භාවිත කරනවුන් ධාර්මික විය යුතු නේද? මම අසා තියනවා ධර්මය තුලින් ධර්මය රකින්නා අරක්ෂා කරන බව එය එලෙසම සත්‍ය වේ එය පිලිබදව මට ගැටළුවක් නෑ නමුත් අපේ ගෙදර සිටින සියල්ල හේම නෑ .විවිධ පුද්ගලයෝ අපට නොයකුත් හුනියම් කරනවා එවා වලින් අපිට (සියල්ලටම) අරක්ෂා විමට සුදුසු මාර්ගයක් හෝ පිරිතක් කියන්න පුළුවන් නම් යහපත.සංඝ ගුණ අනන්තය.....
May 29 2012
Answer by Admin
මා දන්නා පමණින් නම් කරණීයමෙත්ත සූත්‍රයත් ‍මෛත්‍රී භාවනාවත් යන ක්‍රම දෙකයි. තෙරුවන් සරණයි.
Jun 02, 2012 ,12.51 pm
G.H.ATHULA JANAKA LAL
awasarai swaminwahansa,sarasankya kalpa lakshaya yanu, asankya kalpa satharak bawa meeta pera pilithurakadee sandahanvuna.namuth perum piruu kaalaya Asankya kalpa satharak nam eya 'Sara asankya kalpayak"lesa pamanak viya yuthui neda."Sarasankya kalpa lakshaya "yanu Asankya kalpa, laksha haara[4]siyayakda,Mema gataluva deveni vara aseema pilibadava samavana sekva.
May 24 2012
Answer by Admin
රේරුකානේ නාහිමියන් රචිත පාරමිතා ප්‍රකරණය නම් ග්‍රන්ථයේ සඳයන් වන තවත් වචනයක් නම් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් යන වචනයයි. චතුරාසංඛ්‍ය යන වචනයෙන් කියවෙන්නේ ද අසංඛ්‍ය ල්ප ලක්ෂ හතරක්ම නේද, ඒ අනුව අසංඛ්‍ය කල්ප ලක්ෂ හාරසියයක් කීම අනුචිත බවයි මාගේ අදහස. තෙරුවන් සරණයි.
Jun 02, 2012 ,01.13 pm
G.H.ATHULA JANAKA LAL
awasarai swaminwahasa,ada kaalaye silvath swaminvahanselata mathuvana gatalu monavaada?silvath svaminvahanselata udaw kirimata boho pinvathun sitina nisa ovunge denaganima pinisai.
May 19 2012
Answer by Admin
සමහර ප්‍රදේශවල වැඩසිටින ස්වාමින්වහන්සේලාට සිවුපසය නොලැබී යන අවස්ථා සහ සිවුපසය සොයා ගැනීමට වෙහෙසිය යුතු අවස්ථා දකින්නට අසන්නට ලැබේ. එවැනි ස්වාමින් වහන්සේලාට ද නුවනින් දැන සිවුපසයෙන් සංග්‍රහ කිරීමෙන් දායක පිරිසට තමන් කරන පිංකම් වලට අමතරව අතිරේත පිනක්ද රැස්කර ගත හැකිය. තෙරුවන් සරණයි.
May 20, 2012 ,09.13 pm
G.H.ATHULA JANAKA LAL
AWASARAI SWAMINWAHANSA, YODUNA,GAWWA YANU KOPAMANA DURA PRAMANAYAKDA? `CHATHURASANKYA KALPA LAKSHAYA` YANNA PAHADILIKARADENNA.
May 18 2012
Answer by Admin
යොදුන - සැතපුම් 10, ගවු හතර යනාදි වශයෙන් සඳහන්ව තිබේ. සැතපුම යනු ගව්වෙන් හතරෙන් පංගුවකි. යාර නම් 1760ක ප්‍රමාණය. කිලෝමිටර් නම් එකයි තුනෙන් දෙකක ප්‍රමාණයකි. (1 2/3km) කෝටි ලක්ෂ සියය ප්‍රකෝටියකි. ප්‍රකෝටි ලක්ෂ සියය කෝටි ප්‍රකෝටියකි. කෝටි ප්‍රකෝටි ලක්ෂ සියය නහුතයකි. නහුත ලක්ෂ සියය නින්නහුතයකි. නින්නහුත ලක්ෂ සියය අක්ෂෝභිනියකි. අක්ෂෝභිනිය ලක්ෂ සියය බින්දුවකි. බික්දු ලක්ෂ සියය අබ්බුදයකි. අබ්බුද ලක්ෂ සියය නිරබ්බුදයකි. නිරබ්බුද ලක්ෂ සියය අහහයකි. අහහ ලක්ෂ සියය අබබයෙකි. අබබ ලක්ෂ සියය අටටයකි. අටට ලක්ෂ සියය සොගන්ධිකයෙකි. සොගන්ධික ලක්ෂ සියය උප්පලයෙකි. උප්පලය ලක්ෂ සියය කුමුදයකි. කුමුද ලක්ෂ සියය පුණ්ඩරීකයෙකි. පුණ්ඩරීක ලක්ෂ සියය පදුමයකි. පදුම ලක්ෂ සියය කථානයකි. කථාන ලක්ෂ සියය මහා කථානයකි. මහා කථාන ලක්ෂ සියය අසංඛ්‍යෙයකි. අසංඛ්‍යයට බින්දු 140 අති බව සඳහන් වේ. එවැනි සතරක් චතුරසංඛ්‍යයකල්පලක්ෂයකි. නැතහොත් සාරාසංඛ්‍යකල්ප ලක්ෂයකි. තෙරුවන් සරණයි.
May 20, 2012 ,09.45 pm
athula
awasarai swaminwahansa,sowan palayata pathveemata thibiya yuthu gunanga monavada,visthara athuva pahadili kala hakinam manavi,
May 18 2012
Answer by Admin
ඔබට අවශ්‍ය විස්තරාත්මක තොරතුරු රේරුකානේ මහනාහිමියන් රචිත බොධිපාක්ෂික ධරම විස්තරය නම් ග්‍රන්ථයේ 174 වන පිටුවේ සිට සඳහන්ව තිබේ. එය කියවා ගන්න. rerukanemahanahimi.lk වෙබ් අඩවියෙන් ද බලන්න පහසුකම් දි ඇත.
May 20, 2012 ,08.57 pm
Priyanka
අති පූජනීය රෙරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ අපවත් වීමට මොහොතකට පෙර තමන් පෙර ලියන ලද පොත් විනාශ කර දමන්න කියා කී බව ඇතැම් අය ප්‍රකාශ කරනවා. මෙය සත්‍යක්ද ? උන්වහන්සේ ධර්මාවබෝධය ලැබීමෙන් පසුව තමන් ඊට පෙර ලියන ලද චතුරාර්ය සත්‍ය පොත දැන් කුමක්ද කියා හිතෙනවා කියා "මෙකල නිවුණු ඇත්තෝ පොතේ" සඳහන් වෙනවා මා අසා කියවා තියනවා. ඊට අමතරව ඉහත කියමන සත්‍යයක්ද ? උන්වහන්සේ ධර්මාවබෝධය ලැබූ බව මා විශ්වාස කරන්නට පටන් ගත්තේ "මෙකල නිවුනු ඇත්තෝ" පොතේ එන උන්වහන්සේගේ අදහස් ඇසීමෙනි. තෙරුවන් සරණයි
May 17 2012
Answer by Admin
පොත් විනාශ කරන්න කියලා නාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර නැහැ. මෙකල නිවුණු ඇත්තෝ පොතේ සටහන්ව ඇත්තේ උන්වහන්සේට දිනක් රාත්‍රියේ චතුරාර්ය සත්‍ය ධර්මය මෙනෙහි කරන විට දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ වැටහුනු කරුණු පොතකට ලියනවා නම් පිටු 5000ට අධික පොතක් ලිවිමට තරම් වූ බවයි. චතුරාර්ය සත්‍යය පොතෙහි ලියා තිබෙන කරුණුවලට වඩා ඉතා දිග විස්තරයක් දැන් ලියනවානම් ලිවිය හැකි බවයි. උන්වහන්සේ පැවසුවේ. ඒ අදහසට අනුවයි ඔය ලියාතිබෙන චතුරාර්ය සත්‍යය මෙකක්ද මොකක්ද කියා උන්වහන්සේ ප්‍රකාශ කළේ. එසේ නැතිව එම පොතට නිග්‍රහ ක‍ළේවත් එවා විනාශ කිරීමටවත් කථා කළේ නැත. මෙය සමහරුන්ට තේරුම් ගැනීමට නොහැකිව නොයෙක් නොයෙක් විදියේ වැරදි මත ජනමාධ්‍ය තුළින් පවා ප්‍රකාශ කර ඇති බව අපටද දැනගන්නට ලැබින. යමක් කියවන විට එහි ඇති අදහස හොඳින් තේරුම් නොගෙන ප්‍රකාශ කිරීම විශාල වැරැද්දක්. ඕනෑම කෙනෙකුට ධර්මයේ ගැඹුරු තැන් වැටහෙන්නේ භාවනාව දියුණු කරපු තරමට හා භාවිතය වැඩිකරගත් තරමට ය. උන්වහන්සේ ලියූ චතුරාර්ය සත්‍යය පොත ලියා දීර්ඝ කාලයකට පසුවයි ඉහත ප්‍රකාශය කළේ එම පොතෙහි ධරම කරුණු වරදවා තිබෙන බවක් එයින් කිසිසේත්ම අදහස් නොකරන බව විශේෂයෙන් තේරුම් ගන්න. මේ ප්‍රකාශනය පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද සවාමින්ද්‍රයන් වහන්සේ විසින් කරන ලද විශේෂ සටහනකි. තෙරුවන් සරණයි.
May 17, 2012 ,03.34 pm
Thameera
'Jaya Piritha' Sinhala arthya pahada diya heki nam menawi..
May 15 2012
Answer by Admin
සිරි ධිති මති තේජෝ - ශ්‍රී සෞභාග්‍ය ධෛර්ය්‍ය බුද්ධි තේජස් ඇත්තා වූ, ජයසිද්ධි මහිද්ධි මහා ගුණං - ජය සිද්ධි මහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූ, අපරිමිත පුඥඤාධිකාරස්ස - අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් ඇත්තා වූ, සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස - සකලාන්තරාය දූරීභූත කිරිමට ශක්තිය ඇත්තා වු ද, භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස - ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ, ද්වත්තිංස මහාපුරිසලක්ඛණානු භාවේන - දෙතිස් මහ පුරිස් ලකුණු අනුහසින් ද, අසිත්‍යනුභ්‍යඤජනලක්ඛණානුභාවේන - අසූ අනු භ්‍යඤ්ජන ලකණු අනුහසින් ද, අට්ටුත්තරසතමංගලලක්ඛණානුභාවේන - එකසිය අටක් මගුල් ලකුණු අනුහසින් ද, ඡබ්බණ්ණරන්ස්‍යානුභාවේන - සවණක්ඝණ බුදුරැස් අනුහසින් ද, කේතුමාලානුභාවේන - කේතුමාලාවේ අනුහසින් ද, දස පාරමිතානු භාවේන - දස පාරමිතා අනුහසින් ද, දස උප පාරමිතානු භාවේන - දස උපපාරමිතා අනුහසින් ද, දස පරමත්ථ පාරමිතානු භාවේන - දස පරමත්ථ පාරමිතා අනුහසින් ද, සීලසමාධිපඤ්ඤානුභාවේන - සිලසමාධිප්‍රඥාවන්ගේ අනුහසින් ද, බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන - බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් අනුහසින් ද, තේජානු භාවේන - තේජස්වල අනුහසින් ද, ඉද්ධ්‍යානු භාවේන - ඉර්ධියේ ආනුභාවයෙන් ද, බලානුභාවේන - බලයන්ගේ ආනුභාවයෙන් ද , ඤෙය්‍යධම්මානුභාවේන - දතයුතු සියලු ධර්මයන්ගේ ආනුභාවයෙන් ද, චතුරාසීතිසහස්සධම්මඛන්ධානුභාවේන - අසූහාරදහසක් ධර්මස්ඛන්ධයේ අනුහසින් ද, නවලොකුත්තරම්මානු භාවේන - නව ලොව්තුරු දහමේ අනුහසින් ද, අට්ටංගිකමග්ගානුභාවේන - ආර්යඅෂ්ටාංගික මාර්ගයේ අනුහසින් ද, අට්ඨසමාපත්‍යානුභාවේන - අට සමවත් අනුහසින් ද, ඡළභිඤ්ඤානුභාවේන - ෂඩ් අභිඤ්ඤාවන්ගේ අනුහසින් ද, මෙත්තා කරැණා උපේක්ඛානුභාවේන - මෙත්තා කරැණා උපේෂාවන්ගේ ආනුභාවයෙන් ද, සබ්බපාරමිතානුභාවේන - සියළු පාරමිතාවන්ගේ අනුහසින් ද, රතනත්තයසරණානුභාවේන - තෙරුවන් සරණේ අනුහසින් ද, තුය්හං සබ්බරෝග - ඔබගේ සියළු රෝග ද, සෝක උපද්දවා - ශෝකයන් ද උපද්‍රවයන් ද දුක්ඛදොමනස්සුපායාසා - සියළු දුක්දොම්නස් ද, විනස්සන්තු - දුරුවේවා. සබ්බසංකප්පා තුය්හං සමිජ්ඣන්තු - ඔබගේ සියළු පැතුම් ඉටුවේවා. දීඝායුකෝ හෝතු සතවස්සජීවේනසමංගිකෝ හෝතු සබ්බදා - දීර්ඝායුෂ ලබා සතවසක් ජීවත් වීමේ වාසනාව උදාවේවා. ආකාස පබ්බත වනභූමි තටාක - අහස පර්වත වන භූමි තටාකයන්ද, ගංගා මහාසමුද්ද - ගංගා හා මහා සමුද්‍රයට ද, ආරක්ඛක දේවතා - අධිගෘහිත වූ සියළු දෙවියෝ, සදා තුම්හේ අනුරක්ඛන්තු - සදාකල්හිම ඔබ රැක දේවා, සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානු භාවේන සබ්බ සංඝානුභාවේන - සියළු බුද්ධ ධම්ම සංඝ ආනුභාවයෙන් ද, බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නංරතනානං ආනුභාවේන - බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගේ බලයෙන් ද, චතුරාසිති සහස්සධම්මඛන්ධානුභාවේන - අසූහාරදහසක් ධරමස්ඛන්ධයේ ආනුභාවයෙන්ද, පිටකත්තයානුභාවේන - තුන් පිටකයේ ආනුභාවයෙන් ද, ජිනසාවකානුභාවේන - බුද්ධ ශ්‍රාවකයන්ගේ ආනුභාවයෙන් ද, සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු - ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා, ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා - අයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා, දුක්ඛ රොග භයාවේරා සොකා සබ්බබේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තුච තේජසා - සියලු දුක් රෝ බිය සෝක උවදුරු වෛරය අනතුරු අනේකය දුරුව යේවා ලැබී සාමය, ජයසිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං සුඛං බලං සිරියායුච වණ්ණෝ ච භොග වුද්ධිංච යසවා සතවස්සෝච ආයු චජිවසිද්ධිච හොතු තේ - ජය ධන ලාභ යහපත වාසනාව ද, සැප බල සිරිය ආයුෂ සිරුර පැහැය ද, සම්පත් යසස දියුණුව ලබමින් නොම ද, සියවස් ආයු ලැබ ඔබ සැරදේ නිබඳ
May 18, 2012 ,01.23 pm
Ruwan Subasinghe
Theruwan Saranai...........Mata danaganna one bududahamata anu hamuduru kenek gaththama api wadinne pudgalayatada (kenatada ) nathnam siuratada kiyala..............
May 13 2012
Answer by Admin
සිවුරටයි, ඒ සවුර පෙරවාගෙන සිටින කෙනත් වැදුම් ලැබීමට සුදුසුයි.
May 13, 2012 ,03.39 pm
c peiris
siwpilisibiya ghanaya pahadili karanna ,esema margapala labanta pera yamekuta me ghanayan labiya hakida ?
May 08 2012
Answer by Admin
අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන මේවා සම්බන්ධ ඥාන ප්‍රභේද හතර චතු පටිසම්භිදාව හෙවත් සිව්පිළිසිඹියාවයි. සිව්පිළිසිඹියා විඥ්නයෝ ශෛක්ෂ, අශෛක්ෂ වශයෙන් ප්‍රෙභදයට යන්නාහ. ඒ අනුව සැරියුත් මුගලන් මහා කච්චායන ආදී අශෛක්ෂ ශ්‍රාවකයන්ටත් ආනන්ද ස්ථවිර ධම්මික උපාසක උපාලි ගෘහපති ඛුජ්ජුත්තරා ශෛක්ෂ ශ්‍රාවකයනුත් ඒ ප්‍රෙභේදයට ගැනේ. නමුත් යම්තරමකින් හෝ අර්ථ ධර්ම නිරුත්ති පටිභාන ධර්ම පිළිබඳ අවබෝධයක් නැති අයෙකුට සෝවාන් ඵලයට හෝ පත්විය නොහැකි බව කරුණු විමසන විට පැහැදිළි වේ.
May 14, 2012 ,02.59 pm
Wijerathna
අවසර අපේ හාමුදුරුවනේ ජත්ත මානවක ගාථා සිංහල තේරුමත් සමග දැන ගැනීමට කැමැතියි තෙරුවන් සරණයි
May 03 2012
Answer by Admin
යො වදතං පවරෝ මනුජේසූ-සක්‍යමුනී භගවා කතකිච්චෝ-පාරගතෝ බලවිරියසමඞගී-තං සුගතං සරණත්ථමුපේහි. තේරුම- මිනිසුන් අතර වාදීන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ ශාක්‍යමුනීන්ද්‍ර වූ භාග්‍යවත් වු කළ කිස ඇති නිවනට පැමිණි කාය බල ඤාණ බලයෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත වූ යමෙක් වේද ඒ සුගතයන් වහන්සේ වෙත පිහිට පිණිස එළඹෙව. රාගවිරාගමනෙජමසෝකං-ධම්මමසංකතමප්පටිකූලං-මධුරමිමං පගුණං සුවිභත්තං-ධම්මමිමං සරණත්තමුපෙහි. තේරුම- රාගය දුරුකරන්නා වූ තෘෂ්ණා රහිත වූ ශෝක රහිත වූ අප්‍රතිකූල වූ මේ මාර්ගඵල නිර්වාණ ධර්මය ද මිහිරි වු ප්‍රගුණ වූ මැනැවින් බෙදූ මේ පර්යාප්ති ධර්මය ද පිහිට පිණිස එළඹෙව. යත්ථ ච දින්නමහප්ඵලමාහූ-චතුසු සුචීසු පුරිසයුගේසු- අට්ඨ ච පුග්ගල ධම්මදසා තේ- සංඝමිමං සරණත්ථමුපේහීති. තේරුම- යම් ආර්ය සංඝරත්නයක් කෙරෙහි දෙන ලද්ද මහත් ඵලැයි කීහු ද? පිරිසිදු පුරුෂයුග සතරෙක්හි වූ සිවුසස් හා නිවන් ප්‍රත්‍යක්ෂ විසින් දක්නා වූ ඒ පුද්ගලයෝ අටදෙනෙකි. මේ සංඝයා පිහිට පිණිස එළඹෙව.
May 13, 2012 ,04.52 pm
suranga
anek hama potakama PDF fomat eken kiyaweemata awakasha labaadeela thibiyadhi, abhidharmartha sangrahaya, saha baudhdhayage athpoth.... poth deka pamanak PDF fomat ekak dakwaa naththe ai.... eyatada awakasha labadenneanam manawi...
May 02 2012
Answer by Admin
සිදුවී ඇති ප්‍රමාද දෝෂය ගැන කනගාටු වෙමි. හැකි ඉක්මනින් එය නිවැරදි කර දෙමි
May 14, 2012 ,06.00 pm