* = required field
Name :*
Country :*
Telephone :
E-mail :
Message :*
Enter Again this numbers :*

     
Raveendra
sabba papassa akaranan gathawath, jayo munindassa subodhi mulee gathawath, sabbawa mangala mupaddawa gathawath budun wendeemedi itha guna ethi gathawan bawa asa eththemi, ema gatha wala theruma pahada denna, punyopadeshanayata anuwa budu wendeemedi, ema gatha thuna kumana sthanayedi bhawitha kala uthuda? theruwan wendeemen pasuda? mal pahan suwanda dum peeja kerremata pera ho pasuda? karunawen upadesak denna, Theruwan saranai
Jan 11 2013
Answer by Admin
සියලු පව් නොකල යුතුයි, කුසල් කළ යුතු යත, සිත දමනය කරගත යුතුය මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි. ජයවේවා... බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැරදුණු දේව සමූහයා සතුටින් ඝෝෂා කළහ. මේ සත්‍ය බලයෙන් මට ජයවේවා . අසුබ නිමිති අවමංගල අන්තරාය ග්‍රහදොස් නොම වේවා, නපුරු සිහින බිය උවදුරු සදහම් බල මහිමෙන් දුරුවේවා. තෙරුවන් වැඳ පූජා පවත්වා අවසානයේ මේ ප්‍රාර්ථනා සිදු කිරීම උචිත විය හැක.
Jan 18, 2013 ,09.14 pm
Raveendra
Swameen wahansa, mahana weemata ethi asawa nisa Demawpiyangen or bharyawage awasarayakin thorawa mahana wana beri bawa danimi, eheth eken loku pawak sidu weda?
Jan 09 2013
Answer by Admin
පවක් වුවත් නොවුවත් එසේ කිරීම බුද්ධ නියමයට පටහැනි බවකි. ඒ නිසා ආචාර්ය වරු එසේ නොකරති.
Jan 18, 2013 ,09.17 pm
Raveendra
ambu daruwan , bharyawan dan deema yanu kese ka hata dan diya yuththakkada? pahada denna swameen wahansa?
Jan 05 2013
Answer by Admin
වෙස්සන්තර ජාතකය කියවන්න.
Jan 06, 2013 ,09.18 pm
raveendra
Theruwan saranai , budu dahamata anuwa, daruwaku lebenna sitina mawak ahara washayen geneemata nusudu ahara monawada?, ada kale doctorsla mona awashyathawa matha biththara mas malu kemata anumatha kalada man e deta eka helama wirudda wemi, kumak heinda yath eya ema mathawa wetha pemineemata niyamitha pinwath gandabbayekuge newethweemaki, pinwath gandabbayak reka lebeemata ha reka geneemata, elawalu, palathuru pamanas noseheda? upades denna swaminwahansa, nawa arahadee budu guna balayen uthum nirwanaya oba wahanselata awaboda wewa!
Dec 29 2012
Answer by Admin
මෙය පිළිබඳ තවදුරටත් විමසා බලමු.
Jan 04, 2013 ,01.47 pm
G.M.D. Walisundara
රෙරුකානේ මහනාහිමියගේ පොත් කීපයක් පොඩි හාමුදුරුවරුන් වැඩ සිටින පන්සලකට පූජා කිරීමට අදහස් කර සිටිමි. ඒ සඳහා ගතයුතු පොත් සහ මිලදී ගතහැක්කේ කෙසේද යන්න පිළිබඳ සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි
Dec 26 2012
Answer by Admin
ශාසනාවතරණය, උපසම්පදා ශීලය, විනයකර්ම පොත, උභය ප්‍රාතිමෝක්ෂය යන පොත් සුදුසු ය. මිලදී ගත හැක් ස්ථාන BUY BOOKS පිටුවෙන් බලන්.
Jan 04, 2013 ,01.41 pm
Raveendra
Theruwan saranai, api gihi widihata jeewath wana witadee, pujya pakshaya men, vikalayehi kema anu bhawa nokara seteema watinawa neda?, samahara dinawala duthangaya rekka men heki nam seetemath watinawa neda?ehei yahapathak misama ayahapath gihiyanta sidu nowanne noweda?
Dec 26 2012
Answer by Admin
විකාලයේ ආහාර ගැනීනේ වැළකීමේ සිකපදය සමාදන්ව ආරක්ෂා කරන්න. ඉන් පසු ධුතාංග ආදියත් සමාදන්ව ආරක්ෂ කිරීම වටිණු ඇත.
Jan 04, 2013 ,01.54 pm
VIraj
රෙරුකානේ මහනාහිමියගේ පොත් කියවිමෙන් රුප කලාප ගෑන දෑන ගතිමි. මෙහිදි රුප කලාප ක්ෂ්නයක් පාසා ඈති වෙමින් නෑති වෙමින් යන දෙයක් යන දෑනුම ලබා ගතිමි. මෙය ප්‍රයොගිකව පුරුදු කිරිමෙදි මෙම නිරුද්ධ වීම සිත් වල නිරුද්ධ වීම තරම් නොපෙනේ. උදාහරනයක් ලෙස අතිවිසාල කලුගලක් වර්ෂ ගනනාවක් තිබෙන දෙයක් සෙ පෙනේ. මෙ නිසා රුප කලාපයන්ගේ නිරුදධය බොහෝ වස්තුන් කෙරෙහි නොපෙනේ. නමුත් මනසින් පමනක් මෙනෙහි කිරිම පවත්වාගෙන යමි. මෙය නිවෑරදිද ? මෙලේස කිරිමෙන කිසිදු විශෙයකට නොපෙමින මෙ ජිවිතය අවසන් වෙවි යෑයි බයක් ද තිබෙ. අනුකම්පා කර කුමක් කල යුතු දෑයි පහදා දෙන්න.
Dec 03 2012
Answer by Admin
ඔබට අවශ්‍ය පිළිතුර විදර්ශනා භාවනා ක්‍රමය පොතේ තිබේ.
Dec 18, 2012 ,05.13 pm
gayan
pancha abikcha ana pana sathiyedi ipadenne keseda garurathara hamuduruwane
Nov 22 2012
Answer by Admin
මේ පිළිබඳව දැනගැනීම සඳහා රේරුකානෙ චන්දවිමල නාහිමි රචිත අභිධර්ම මාර්ගය පොතේ 302 පිටුවේ ඇති අභිඥා ඉපදවීම පිළිබඳ ඇති විස්තරය බලන්න.
Dec 18, 2012 ,05.00 pm
madhuri priyangika
sigalowada sutraye ena biridakagen semiyekuta siduwiya yuthu yuthukam pehedili karanna teruwan saranay
Nov 18 2012
Answer by Admin
කැඳ බත් පිසීම් ආදී වශයෙන් මනා කොට කරන ලද කර්මාන්ත ඇත්තී ද වෙයි, මනා කොට සංග්‍රහ කරන ලද පරිවාර ජනයා ඇත්තීද වෙයි, සැමියා හැර අන් පුරුෂයකු සිතිනුදු නොපතන්නී වෙයි, සැමියා විසින් ගෙනෙන ලද ධනය රකියි, සියලු කටයුත්තෙහි දක්ෂ ද නො මැලි ද වෙයි.
Dec 11, 2012 ,06.10 pm
Thilina Senanayake
Kruthangha purwakawa liyami. Athi pujaneeya Rerukane Maha Nahimiyan Wahansege Bauddhayage Athpotha sabawinma mage jeewithaye harawum lakshayak wiya. Ethan sita unwahansege grantha jeewithaye aniwarya angayak kara gathimi. Swamini, Paryaya Sathya saha Nishparyaya Sathya pilibandawa mada wiwaranayak karanu manawa... Dukka dukkaya nishparyaya weemath jathi adiya paryaya weematath hethu pahada denu manawa....
Nov 16 2012
Answer by Admin
දුක්ඛ දුක්ඛය නිෂ්පර්යාය වීමට හේතුව එය අපට ප්‍රකට වන දුක්ඛය වන නිසාය. චතුරාර්යසත්‍ය පොතේ 87 වන පිටුව කියවන්න. මෙයට මහා දුක්ඛය කියා ද කියයි. පර්යාය දුක්ඛයට අයත් බව පවසන ඉපදීම, වයසට යාම, ලෙඩ වීම ආදිය දුකක් බව පැහැදිලි වන්නේ නුවණින් විමසන විටය. ජාති දුක්ඛය 79පිටුව කොටස කියවන්න.
Dec 11, 2012 ,07.09 pm
Mrs. Krishna
හාමුදුරුවනේ, ගර්භනී මවක් විසින් ශ්‍රවණය කළ යුතු පිරිත් මොනවද ? අංගුලිමාල පිරිත හොඳ බව අසා ඇත. සමාවෙන්න මේ ලියන්නේ ඉතාලියේ සිට බැවින් කරුණාකරන්න.
Nov 16 2012
Answer by Admin
රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය අටවිසි පිරිත සහ අංගුලිමාල පිරිත ගර්භණී මව්වරු උදෙසා අපි දේශනා කරනවා. අසන්නට එපා කීමට තරම් වන පිරිතක් ඇතැයි නොසිතමි. හැම දේශනාවකම තිබෙන්නේ ආශිර්වාදයක්, සත්‍යක්‍රයාවක් වන නිසා. තෙරුවන් සරණයි.
Dec 11, 2012 ,07.18 pm
sanjaya
abhidharmaya mula sita saralava igenagata haki aakarayak kiyala denna puluvannam loku udavvak..
Nov 15 2012
Answer by Admin
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාම විහාරස්ථානයේ සෑම සෙනසුරාදා දිනකම භාවනා වැඩසටහනක් පැවැත්වෙනවා. එහිදී අභිධර්මය කියාදෙනවා. ඊට සම්බන්ධ වෙන්න. නැත්නම් අභිධර්ම මාර්ගය පොත කියවන්න.
Dec 11, 2012 ,09.12 pm
Thishan
Threi Sahasri Loka Dathuwa Pahada Denna
Nov 12 2012
Answer by Admin
එක් හිරකින් එක් සඳකින් ආලෝකවත් කරන තිස් එක් භූමියකින් යුක්ත එක් ලෝක ධාතුවකි. එබඳු ලෝක ධාතු දහසක් සහශ්‍රී ලෝක ධාතු නම් වේ. සහශ්‍රී ලෝක ධාතු දහස දහසින් ගුණ කළ කල්හි දශ ලක්ෂයක් වේ. ඒ ලෝක දශ ලක්ෂය ද්වි සහශ්‍රී ලොක ධාතු නම් වේ. දශලක්ෂයක් වන මධ්‍යම ලෝක ධාතුව නැවත දහසින් ගුණ කළ කල්හි ත්‍රීසහශ්‍රී ලෝකධාතුව නම් වේ. තෙරුවන් සරණයි.
Dec 11, 2012 ,09.01 pm
සමන්ත
විවාහ වූ ගිහියෙක් ලෙස සිටින අයෙකුට මේ ජිවිතයේ දී ධර්මය අවබෝධ කළ හැකි ද? ඒ සදහා අනුගමානය කළ යුතු වැඩපිළිවෙල කරුණාවෙන් පහදා දුන මැනවි.
Nov 06 2012
Answer by Admin
රේරැකානෙ නායක හාමුදුරැවො ලියල තියෙන විදර්ශනා භාවනා ක්‍රමය පොත කියවන්න ඒ අනුව කටයුතුවල යෙදෙන්න.
Dec 11, 2012 ,07.31 pm
dr lalith perera
"sitha" yanu sakthiyak lesa kiyawei:,viduliya" yana sakthiya electrona chalanaya veemen ahti vei. Esenam "sitha" yana sakthiya (energy) athi wanne keseda.snayu pddathiya(nervous system) thula athi" anu" chalanaya nisa athiwana sakthiya lesa" sitha" salakiya hakida? karunawen pahada denna,
Oct 29 2012
Answer by Admin
මේ පිළිබඳ වියත් ධර්ම කථික පුජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේගෙන් විමසීම ඔබට වැදගත් වනු ඇත. ඒ සඳහා 0718403246 ට අමතන්න
Nov 03, 2012 ,11.14 pm
c. peiris
jalanandana pirithe sinhala thruma , ehi anusas pahadili karanne nam itha manawi
Oct 26 2012
Answer by Admin
යක්ෂ ප්‍රේත පිසාච ආදීන්ගෙන් වන භය දුරැ වන බව, ගිනියම් උණට සුවගෙන දෙන බව, නොයෙක් ආරක්ෂාවන්ට සහ ඇස්වහ කටවහ දොස්වලට සුභ බව කියවේ. මෙහි තේරුම තවදුරටත් විමසා බලා පවසන්නම්
Nov 03, 2012 ,10.39 pm
Harshitha
හාමුදුරුවනේ,මරණින් පසු සැබවින්ම ගන්ධබ්බ අවස්ථාවක් තිබේද?
Oct 22 2012
Answer by Admin
උත්තරය සඳහා රේරුකානෙ නායක හාමුදරුවන්ගෙ අභිධර්ම මාර්ගය පොත කියවන්න.
Nov 03, 2012 ,10.42 pm
palitha
Devaduthayo nam kawarahuda ?
Oct 10 2012
Answer by Admin
තිනිමානි භික්ඛවේ දේව දුතානි, කතමානි තිනි ඉධ භික්ඛවේ. කායේන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසාය දුච්චරිතං චරති. කයින් වචනයෙන් සිතින් දුච්චරිත කරන්නෝ තිදෙන දේව දුතයෝය.
Nov 03, 2012 ,11.10 pm
sumila sajeewaka
hamuduruwane masmansa anubawaya pauda BUDDDA PUJAWATA MASMANSA PUJAKIRIMA PAU NEDA BUDUSARANAEE...
Oct 01 2012
Answer by Admin
පවු නැහැ, මැරීම පවක්, බුදුරදුන්ට සූකර මාංශයක් පිදූ බව නම් සඳහනක් තිබෙනවා. එදා පවක් වූ බවක් නම් පැවසුවා මට හමුවුනේ නැහැ. තව ටිකක් අපි විමසල බලමු. අපිට කන්න තව ආහාර ජාති තියෙනවනෙ.
Nov 03, 2012 ,11.20 pm
Janaka
pirimiyaku wiwahaka birida sitiyadee thawath kanthawak thabagenenima (pirisidu unu kanthawak) Kamamithyacharaya yatathata ayathda? wiwahaka birida daruwan pilisida gath wigasa gabsa karana nisa, daruwaku labagenima sadahath, deveni birida lesa thaba genima waradakda. nithimaya birida thawath kanthawakagen daruwaku labagenimatawath ida noden nisa, deviniyawa thanikara yamen pawak siduweda? Devini kanthawa pirisidu pathibakthiyen uthu menma abramma chariyawen kal gatha kenek.
Sep 26 2012
Answer by Admin
http://rerukanemahanahimi.lk/order_book.php?id=5 ඔබගේ සියළු ගැටළු සඳහා පිළිතුරු රේරුකානේ නාහිමියන් රචිත බෞද්ධයාගේ අත්පොත නම් ග්‍රන්ථයේ 65,66 යන පිටුවල සඳහන්ව ඇත. ඒ සඳහා ඉහත ඇති ඉංග්‍රීසි අකුරු ටයිප් කර සොයන්න.
Dec 11, 2012 ,09.46 pm