රේරුකානේ මහ නාහිමියන්ගේ මහා ශාසන සේවයට වසර 106යි.
Jan 04, 2012
යම්හා ධම්මං විජානෙය්‍ය - සම්මා සම්බුද්ධ දේසිතං

සක්කච්චං තං නමස්සෙය්‍ය - අග්ගිහුත්තං ව බ්‍රහ්මණෝ

බුදු රජාණන් වහන්සේ විසින් දේශිත දහම යමකුගෙන් දැනගත හැකි වූයේ නම් ගණ දෙවියන් පුදන බමුණා සේ ඔහුට නමස්කාර කළ මනා ය. බුදු දහම අපට මිහිඳු මහ රහතන් වහන්සේ වසර 2311කට පෙර ළ`ගා කර දුන් නමුත් දීප්තිමත් ශාසන සේවයකින් පසු යටත් විජිත පාලකයන් විසින් දුර්වල කරන ලදුව කෝට්ටේ මහනුවර යුග වන විට මහණකම නැවත ස්ථාපිත කළ යුතු තරමට පිරිහී ගියේ ය.

සියමෙන් උපසම්පදාව ලබා නැවත ප්‍රකෘතිමත් කළ සංඝ ශාසනයෙන් ද ප්‍රතිපත්ති ශාසනය දියුණු කිරීමට වඩා සිදු වූයේ කාලීන අවශ්‍යතාව සපුරා ලමින් පූජාව, දානය වැනි අංශ කෙරෙහි අවධානය යොමු කර ජනතාව පවට බය කර සුගතිගාමී මගකට යොමු කිරීම පමණකි.

1948 දී නිදහස ලබා ජාතියක් වශයෙන් නැගී සිටීමේ අවස්ථාව උදා වූ නමුත්, එම පාලනයෙන් උරුම කර දුන් සංස්කෘතියන්, පාලන රටාවත් ජාතිකත්වය කෙරෙහි අප යොමු නො කළේ ය. මේ අවශ්‍යතාව අනගාරික ධර්මපාල තුමන්, එල්. එච්. මෙත්තානන්ද මහතා, බද්දේගම විමලවංශ නාහිමි ආදී බොහෝ ජාති හිතෛෂීන්ගේ මග පෙන්වීමෙන් ජාතිකත්වය අගයන රජයක අවශ්‍යතාවත්, භාෂාවට හා බුද්ධාගමට නිසි ගෞරවය ලැබීමේ වුවමනාවත් යළි යළි මතු කළේ ය.

බණ්ඩාරණායක ශ්‍රීමතුන්ගේ ජාතිකත්වය අගයන ආණ්ඩුවත් 2500 බුද්ධ ජයන්තියත් ඒ උද්දාමයේ ප්‍රතිඵලයකි. ඒ නිසා ඇති වූ ප්‍රතිඵල විපුල ඵල නෙලමින් රටට ළ`ගා කළ යහපත වෙනම ම සාකච්ඡා කළ යුත්තකි.

රේරුකානේ චන්දවිමල නාහිමියන් මතු වන්නේ පඤ්ච මහා බලවේගයේ පුරුකක් ලෙස ජාතිකත්වය අගයන රජයක් පත්කර ගැනීමේ ප්‍රාදේශිය කි්‍රයාශීලියකු ලෙස හා 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිහ`ඩව විපුල සේවයක් කළ උතුමකු වශයෙනි.

මේ වන විට බුරුම ජාතික යූ. විනයාලංකාර හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස බුරුමයට ගොස් ත්‍රිපිටකය හදාරා උපසම්පදා වී ලක්දිව සැපත්ව සිටි උන්වහන්සේ තම භාෂා දැනුම ද ප්‍රගුණ කරගෙන zහරි බුද්ධාගම් කාරයකු වන්නේ කෙසේ ද යන අදහස ජනතාව අතර ප්‍රචලිත කරන්නට ආරම්භ කළහ. අවබෝධය නැතිව කරන කුශලයට වඩා අවබෝධයෙන් ත්‍රිහේතුක කුශලයක් කිරීමෙන් ලබන ආනිසංසයේ ස්වභාවය තේරුම් කරන්නටත්, භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමෙන් සිතෙහි සැනසීම මෙන්ම සසර ගමනෙහි ආදීනව තෙරුම් ගැනීමටත් ජනතාව යොමු කිරීම උන්වහන්සේගේ අදහස විය.

මේ අරමුණ ඇතිව උන්වහන්සේ අතින් ලියවුණු බෞද්ධයාගේ අත්පොත, පුණ්‍යෝපදේශය, සූවිසි මහ ගුණය, මංගල ධමජ් විස්තරය, පොහොය දිනය, බෝධි පූජාව, බුද්ධ නීති සංග්‍රහය, බෝධිපාක්ෂික ධර්ම විස්තරය, පාරමිතා ප්‍රකරණය, ධර්ම විනිශ්චය, නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය, අභිධර්මයේ මූලික කරුණු, අභිධර්ම මාර්ගය, වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම, කෙලෙස් එක්දහස් පන්සීය, පට්ඨාන මහා ප්‍රකරණ සන්නය, අනුවාද සහිත අභිධර්මාර්ථ සංග්‍රහය, චතුරාය සත්‍යය, විදර්ශනා භාවනා ක්‍රමය, චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව, සතිපට්ඨාන භාවනා ක්‍රමය, සතිපට්ඨාන භාවනා විවේචනය හා වෙනත් කෘති, පටිච්ච සමුප්පාද විවරණය, ශාසනාවතරණය, උපසම්පදා ශීලය, විනය කර්ම පොත, අනුවාද සහිත උභය ප්‍රාතිමෝක්ෂය ආදී පොත් තිහක් පමණ වෙයි. 1947 දී උන්වහන්සේ ලියූ පොත් ප්‍රථම වරට මුද්‍රණයෙන් එලි දැක්විය යුතු යයි කල්පනා කළේ උන්වහන්සේගේ ශිෂ්‍ය පූජ්‍ය ගොඩිගමුවේ සෝරත හිමිපාණෝ ය. 1954 පමණ දක්වා මේ කාර්‍ය්‍ය සාර්ථක කළ උන්වහන්සේගේ අභාවයෙන් පසු ශාස්ත්‍රවේදී පූජ්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම හිමියන් එම සත් කාය්‍යට උර දුන්හ.

එහෙත් මූල්‍ය සම්පාදනයේ අපහසුතා නිසා මේ පොත්වල පැවැත්ම දුර්වල විය. වරකට පොත් 5-6කට වඩා පොත් හලකින් ලබා ගන්නට නොහැකිව තිබිණ.

මේ කාලය වන විට නාහිමියන් ගේ පොත් කියවීමේ ප්‍රතිඵලයක් ලෙස පැවිදි බව ලබා සිටි පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද හිමිපාණන්, දැක නොතිබුණු තම පූජනීය ගුරුවරයාට උවටැන් කිරීම පිණිස නාහිමියන් වෙත වැඩම කර සිටියහ. පොත්වල වටිනාකම ප්‍රායෝගිකව ම දැන සිටි උන්වහන්සේ මේ පොත් නොකඩවා පවත්වාගෙන යාමේ වැදගත් කම සළකා ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීම කෙරෙහි සංවිධායකු විය.

සමකාලීන විද්වතුන්ගේ මහත් ගෞරවාදරයට පත් වූ මේ පොත් පෙල බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමියන් හැඳින්වූයේ ත්‍රිපිටකය තේරුම් ගන්නට මේ පොත් ටිකම කියවීම ප්‍රමාණවත් බව ය. චන‍ද්‍රරත්න මානවසිංහයන් එය දුටුවේ 2500 බුද්ධජයන්තිය අරබයා නිහ`ඩව කළ හොඳම සේවය ලෙස ය. අවංකව මධ්‍යස්ථව බලන්නේ නම් මේ වන විට ලක්දිව බොහෝ පන්සල්වල අත් පොත් බවට පත්ව ඇත්තේ රේරුකානේ නාහිමියන්ගේ පොත් ය. වර්තමාන භික්ෂූන් වහන්සේලාගේ දැනුමේ කේන‍ද්‍රස්ථානය මේ පොත් පෙල ය. 1987 දී ආරම්භ කරන ලද සංරක්ෂණ ක්‍රියාදාමය අද වන විට ඉතා සාර්ථකව මහජන ගරු බුහුමන හා අනුබලය ලබමින් ක්‍රියාත්මකව පවතී.

මේ වකවානුව තුළ මුද්‍රණ තාක්ෂණයේ සිදු වූ වෙනස් කම් අනුව යමින් පැහැදිලි නිමාවෙන් යුත් පොත් පෙලක් පවත්වාගෙන යන්නට හැකි වූ නමුත් අන්තර්ජාල පහසුකම් නො සැලසුනොත් තරුණ පරපුරට මේවා ප්‍රයෝජන ගන්නට නො ලැඛෙන බව පෙනී ගිය බැවින් ඒ සඳහා යොමු වීමේ අවශ්‍යතාව ද මතුව ඇත. එසේ නිවැරදි සරල පොත් මගින් තරුණ පරපුර වෙත බුද්ධ ධර්මය ළ`ගා කරන්නට නුපුළුවන් වන්නේ නම් බණ වැනි බණ, වැරදි බණ වලට ඔවුන්ගේ මනස කොටු වීම ස්වභාවික ය.

දැන් 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි එසේ ම 2012 ජනවාරි 08 වන දින රේරුකානේ නාහිමියන්ගේ 106 වන ජන්ම සංවත්සරය යි. බුද්ධඝෝෂාචාර්‍ය්‍යන් වහන්සේ ලක්දිවට පැමිණ ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා කළ මෙහෙයට නොදෙවෙනි ශාසන මෙහෙයක් කළ රේරුකානේ නාහිමියන්ගේ වගතුග, පොත් පෙල, ධර්ම දේශනා අඅඅගරුරමන්බැප්ය්බ්යසපසගකන වෙබ් අඩවිය හරහා ලබා ගැනීමේ පහසුකම් සැලසීම සඳහා එම වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාව 2012 ජනවාරි 08 වන පුන් පෝදා පෙ. ව. 8.30ට පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමස්ථ ශ්‍රී චන්දවිමල සද්ධර්ම සාගර ශාලාවේ දී උදා වේ. 2600 සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා මෙකල කළ හැකි උදාර කාය්‍යයක් ලෙස එය සළකමු.