රේරුකානේ චන‍දවිමල මහනාහිමිගේ දහම් පොත්
Dec 19, 2011
බෞද්ධයකු වශයෙන් දතයුතු මූලික කරුණු ඇතුළත් පොත්

1. බෞද්ධයාගේ අත්පොත

බෞද්ධකම උපතින් හිමිවන්නක් නොවේ නියම බෞද්ධයාට අවශ්‍ය මූලික දැනුම ලබා ගැනීමටත්, බෞද්ධයකු වශයෙන් හැසිරීමට අවශ්‍ය හැදියාව ලබා ගැනීමටත් මුලින්ම කියවිය යුතු පොතකි

2. පුණ්්‍යා්පදේශය

බෞද්ධයන් කරන වන්දනා පූජා දෙක උසස් ප්‍රතිඵල ලැඛෙන අයුරින් කරන හැටිත්, ග්‍රහ අපල අමනුෂ්‍ය දෝෂ දුරු කරගන්නා ආගමික විධිත්, මෙලොව පරලොව සාර්ථක කර ගැනීමට බෞද්ධයකු වශයෙන් කළ යුතු වැඩත් මාතෘකා 14 ක් යටතේ විස්තර කළ පොතකි.

3. සූවිසි මහ ගුණය

තෙරුවන් ගුණ සූවිස්ස (24) ශ්‍රද්ධා භක්තිය උපදවන ආකාරයෙන් විස්තර කර ඇති පොතකි. බෞද්ධ සාහිත්‍ය කෘතියක් වශයෙන්ද රසවත්ව කියවිය හැකිය.

4. මංගල ධමජ් විස්තරය

මහා මංගල සූත්‍රයේ ඇතුළත් මෙලොව පරලොව යහපත පිණිස හේතු වන මංගල කරුණු 38 සරලව පැහැදිලි කරයි. ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ආගම් භේදයකින් තොරව හැමදෙනා විසින්ම කියවිය යුතු ග්‍රන්ථයකි.

5. පොහොය දිනය

සීල සමාදානය සාර්ථක කරගැනීම සඳහා කියවිය යුතු පොතකි. පොහෝ දින කළයුතු වන්දනා පූජා භාවනා ආදී කටයුතු පිළිබඳ විස්තර ඇත.

6. බෝධි පූජාව

අද බහුලව කෙරෙන පිංකමකි බෝධ පූජාව.නියම ප්‍රතිඵල ලැබිය හැකි අන්දමින් බෝධි පූජාව කරන ආකාරය මේ පොතින් දැනගත හැකිය.

7.බුද්ධ නීති සංග්‍රහය

සත්ත්වයාගේ මෙලොව පරලොව යහපතටත් නිවන් ලැබීමටත් උපකාර වන ධර්ම විස්තර කරන පොතකි . පිටකත්‍රයේ පැතිර පවත්නා උපදේශ ගාථා 550 ක් ඇසුරින් කාහටත් ප්‍රයෝජනවත් සේ සකසා ඇති මේ පොත ඉගැන්වීමට ද සුදුසු ය.

8. බෝධිපාක්ෂික ධර්ම විස්තරය

බුදු, පසේබුදු, මහරහත් යනුවෙන් නිවන් දැකිය හැකි බෝධි තුනකි. එම සත්‍යාවබෝධය ලබා ගැනීමට උපකාර වන ධර්ම 37 විස්තර කරන, නිවන් පතන්නන් විසින් කියවිය යුතු පොතකි.

9. පාරමිතා ප්‍රකරණය

නිවන් ලැබීම උදෙසා කරන පින්කම් පාරමිතා නම් වේ. එවා දහයකි. මේ පොතින් එම දහම් කරුණු විස්තර කරන අතර පාරමිතා වඩන ආකාරය පැහැදිලි කරයි.

10. ධර්ම විනිශ්චය

ධර්මය නොදැනීමේ හේතුවෙන් බෞද්ධයන් අතර ඇතිවන විතර්කයන්ට පිළිතුරු වශයෙන් ප්‍රශ්න සියයක් අලලා සකස්කර ඇති පොතකි. බොහෝ දහම් කරුණු ගැන නිරවුල් දැනුමක් ඇති කර ගැනීමට මේ පොත කියවීම සුදුසුය.

11.නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය

බෞද්ධයන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වූ නිර්වාණය පිළිබඳ විස්තර ඇතුළත් පොතකි. පුනරුත්පත්ති ක්‍රමයෙන් සත්ත්වයා නැවත නැවත භවයේ උපදින ආකාරය පැහැදිලි කරයි.

අභිධර්මය හදාරන්නන්ට සහ මනෝ විද්‍යාත්මකව බුදු දහම අගය

කරන්නන්ට වැදගත් පොත්

12. අභිධර්මයේ මූලික කරුණු

චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අභිධර්මය පිළිබඳ තරමක හෝ දැනීමක් තිබීම ප්‍රයෝජනවත්ය. මේ පොත කියවීම අභිධර්මය ඉගෙනීමට ද හොඳ පදනමකි.

13. අභිධර්ම මාර්ගය

නිරවුල්ව හා නිවැරදිව පහසුවෙන් අභිධර්මය හැදෑරීම සඳහා පිළියෙළ කර ඇති දහම් විභාග සඳහා සුදුසු පොතකි. අභිධර්මාර්ථ සංග්‍රහය අනුව ලියවී ඇත.

14. වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

අකුශලයන්ගෙන් මිදීම පිණිස සිත කිලිටි කරන ධර්ම ගැන අවබෝධයක් තිබිය යුතුය. වත්ථ සූත්‍රයේ දක්වා ඇති චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් ලියා ඇත. කුශලාකාරයෙන් ඉදිරිපත්වී සිත රවටන ඒ චිත්ත ස්වභාව පැහැදිලි කරන වඤ්චක ධර්ම පොත බොහෝ උගතුන්ගේ පැසසුමට ලක් වී ඇත. මේ පිළිබඳ ලියවුනු එකම පොතයි.

15. කෙලෙස් එක්දහස් පන්සීය

නොයෙක් වර අසන්නට ලැඛෙතත් මේ ගැන දන්නන් විරලය. කෙලෙස් වශයෙන් ඉදිරිපත් වන චිත්තස්වභාවයන්ගේ අනේකාකාර විස්තර කරන පොතකි.

16. පට්ඨාන මහා ප්‍රකරණ සන්නය

පට්ඨානය අභිධර්ම පිටකයේ අන්තිම පොතයි. පට්ඨාන ප්‍රකරණය උගතයුතු ආකාරය පැහැදිලි කරන මේ පොතෙහි ප්‍රස්තාවනාව කර්තෘගේ අබිදම් දැනුම ප්‍රකට කරයි.

17. අනුවාද සහිත අභිධර්මාර්ථ සංග්‍රහය

අභිධර්මය ඉගෙනීම සඳහා මුලින්ම වනපොත් කරන අභිධර්මාර්ථ සංග්‍රහයට කළ සරල සිංහල අනුවාදයකි.

භාවනා කරන්නවුන්ට වශේෂයෙන් ප්‍රයෝජනවත් පොත්

18. චතුරාය්‍ය සත්‍යය

බුදුරජාණන් වහන්සේලා ලොව පහළවන්නේ චතුරාර්ය සත්‍යය දේශනා කරනු පිණිසය. ලොකෝත්තර මාර්ග ඵල ලැබීමට නම් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ යුතුය. කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි සේ චතුරාර්ය සත්‍ය ධර්මය පැහැදිලි කරන පොතකි.

19. විදර්ශනා භාවනා ක්‍රමය

කෙලින්ම නිවන් ලබා දෙන පිංකම විදර්ශනා භාවනායි විදර්ශනා වඩන බොහෝ ක්‍රම අතුරින් පහසුවෙන් ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රමයක් වස්තර කරයි.

20. චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව

විදර්ශනා ඥානය දියුණු වීම සඳහා භාවනා කරන්නවුන් විසින් කියවීමට සුදුසු පොතකි.

21. සතිපට්ඨාන භාවනා ක්‍රමය

දැනට කඳුබොඩ ආදී විපස්සනා භාවනා මධ්‍යස්ථානවල පුහුණු කරන භවනා ක්‍රමය ධර්මානුකූලව විස්තර කරයි.

22. සතිපට්ඨාන භාවනා විවේචනය හා වෙනත් කෘති.

බෞද්ධ භාවනා ක්‍රම සමාජයේ පැතිරීමට විරෝධය පල කළ වුන්ට දුන් පිළිතුරු, රුවන්වැලි මහ සෑයට චූඩාමාණික්‍ය පැළඳවීම පිළිබඳ විස්තර, බෞද්ධ භාවනාව හා සරල නිවැරදි බුදු දහම ප්‍රචාරය කළ ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය විස්තර ඇතුලත් පොතකි.

23. පටිච්ච සමුප්පාද විවරණය

හේතු-ප්‍රත්‍ය න්‍යාය පැහැදිලි කරන බුදු දහමේ ගඹුරු දහම් කොටස් විස්තර කරන පොතකි.සියලූ බෝසත්වරුන් බුදුවන දින රාත්‍රී පස්චිම යාමයේ භාවනාවක් වශයෙන් මෙනෙහි කරන පටිච්ච සමුප්පාදය හේතු උදාහරණ උපමා සහිතව විස්තර කර ඇත.

විනය අභිලාෂීන්ට හා පැවිදි බවට පත් වූ හිමිවරුන්ට ප්‍රයෝජනවත් පොත්

24. ශාසනාවතරණය

උපසම්පන්න හා අනුපසම්පන්න භික්ෂූන් වහන්සේටත් සිල් මාතාවන්ටත් අත් පොතක් වශයෙන් භාවිතයට සුදුසුය. පැවිදි වන්නට අපේක්ෂා කරන්නන් මුලින්ම මේ පොත කියවීම මැනවි.

25. උපසම්පදා ශීලය

විනය නොදැන උපසම්පදා වීම නපුරකි. උපසම්පදා ශීලය පහසුවෙන් තේරුම් ගත හැකි සේ විග්‍රහ කරන පොතකි.

26. විනය කර්ම පොත

පැවිදි කිරීම හා උපසම්පදා කිරීම හා සීමා බන්ධනය කිරීම ආදී විනය කර්මයන් ගැන පැහැදිලි විස්තරයකි.

27. අනුවාද සහිත උභය ප්‍රාතිමෝක්ෂය

මුලින්ම වනපොත් කරන විනය අත් පොතකි. පෙළ සහිත සරල සිංහල අනුවාදයෙන් යුක්තයි.

ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලයෙන් ප්‍රකාශිත වෙනත් පොත්

28. මෙකල නිවුනු ඇත්තෝ

අතිගෞරවාහජ් රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් වසරකට පසු ප්‍රවීන ධර්ම දේශකයන් වහන්සේලා පැවැත් වූ සංවත්සර ධර්ම දේශනා 15 ක් සහ උපස්ථායක පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන‍ද නාහිමියන් මහනාහිමියන් පිළිබඳව කළ චරිත විවරණයකි.

29. සුරාධුර්තය හෙවත් මද්‍යලෝලය

වෛද්‍ය නීල් කෙසල් හා හෙන්රි වෝල්ටන් වියතුන් විසින් 1965 දී කළ පර්යේෂණ නිබන්ධයක සිංහල අනුවාදය. සුරාසො~ුන් ඉන් මුදවා ගැනීම සඳහා වූ උපදේශන ග්‍රන්ථයකි.

30.බුදුසසුන පුබුදු කළ ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය සියවස, ශාස්ත්‍රීය සමරු කලාපය.

ශ්‍රී ලංකා ශ්වේජින් නිකායට හා අතිගෞරවාහජ් රේරුකානේ මහනාහිමිපාණන්ගේ පැවිදි බවට වෂජ් 100 ක් සම්පූර්ණ වීම අරබයා 2006. 01. 08 දින ප්‍රකාශිත සමරු කලාපය. ශාසනික හා කාලීන වැදගත්කමින් යුත් ලිපි සංග්‍රහයකි.

31. ත‍දමර භදඉකැ එරමඑයි

රේරුකානේ මහනාහිමිපාණන්ගේ චතුරාය්‍යජ් සත්‍යය පොතේ ඉංග්‍රීසි අනුවාදයකි.

32. දීඝනිකාය ටීකාව

බුරුමයේ ඡට්ඨ සංගායනාවේදී සංගායනාවට පාත්‍ර වූ දීඝනිකාය ටීකාව සිංහල අකුරින් මද්‍රතයි. (පාලි භාෂාවෙන් )