රේරුකානේ චන්දවිමල මහ නාහිමි
Jan 05, 2012
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩ විසූ ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ මහ නායක පදවිය හෙබවූ, සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, මහාචාර්ය පරම පූජණීය රේරුකානේ චන්දවිමල මහා නායක මාහිමිපාණන් වහන්සේ, උතුම් පැවිදි ජීවිතය අවුරුදු 91 ක් පමණ ගතකළ සියවසක් ජීවත් වූ ත්‍රිපිටක ධර්මය ගැන අති විශිෂ්ඨ දැණුමක් ඇතිව ඉතා උසස් මානසික දියුණුවක් ලබාගෙන සිල්වත් ගුණවත් කමින් පරිපූර්ණව තමන් වහන්සේ දියුණු කරගත් ධර්ම ඥානයෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකොට නිශ්සරණාධ්‍යාසයෙන් යුතුව උන්වහන්සේටම ආවේනික වූ සුවිසද ලේඛකත්වයෙන් පළමු ලියන අත් පිටපත ම කිසිදු සකස් කිරීමකින් තොරව මුද්‍රණයට දීමට සුදුසු පරිදි ත්‍රිපිටකයේ සාරාංශය යැයි කිව හැකි පරිදි කියවන ජනයාගේ හදවත ශ්‍රද්ධාදී ගුණධර්ම වැඩෙමින් දහම නොදැනීමෙන් නොමගට බරවූ අයගේ සිත් සතන් පවා දහමට නැඹුරු කරන පුදුම ශක්තියකින් යුතුව කියවන ජනයාට නිරවුල්ව නිවැරදිව තේරුම් ගැණීමට පහසු වන පිරිදි ගිහි පැවිදි දෙපක්ෂයටම එකසේ ප්‍රයෝජනවත් වන පරිදි ධර්ම ග්‍රන්ථ 27 ක් පමණ ලියා සම්බුද්ධ ශාසනයට අද්විතීය සේවාවක් සිදුකොට වදාළ මහෝත්තමයන් වහන්සේ නමකි.