* = required field
Name :*
Country :*
Telephone :
E-mail :
Message :*
Enter Again this numbers :*

     
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි
නූගත්නට පමණක් නොව උගත්නටද හස්තසාර වස්තුවක් වූ මේ චතුරායය සත්‍ය විභාගය එයටම සුදුසු සමතා අතින් ලියැවීම ධර්මඥානය පතන හෙළයන්ගේ භාග්‍යයෙකි.
චතුරාය්‍ය සත්‍යය ගැන ....... 1947- 02- 10
පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි
පිරිවෙන් මගින් ශාසනික ප්‍රතිපත්තිවලට සිදුවූ හානිය පිරිමැසීමට නම් පිරිවෙන් අධ්‍යාපනයට මේ පොත ඇතුළත් කළ යුතු ය.
ශාසනාවතරණය ගැන...... 1960-11- 24
මකුලූදූවේ පියරතන නාහිමි
සාමාන්‍ය දේශනය සාමාන්‍ය ග්‍රන්ථ නිෂ්පාදනය යන දෙකට වඩා බණ කීමත් බණ පොත් සැපයීමත් දුෂ්කරය. ඒ දෙකම නුසුදුස්සන් විසින් කළ විට වන්නේ අර්ථ සිද්ධියක් නොව භයානක අනර්ථයෙකි ........රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරපාදයන් වහන්සේ වූ කලී පූර්වෝක්ත දක්ෂතාවයෙන් හෙබි බහුශ්‍රැතයාණ කෙනෙකු බව රට පුරා පතලය.
Dec 16 2011
චන‍ද්‍රරත්න මානවසිංහ
වැඩි ඝෝෂාවක් නැතිව බුද්ධජයන්තිය වෙනුනේ මේ කරගෙන ගිය ව්‍යාපාරය අනෙකුදු හැම බුද්ධජයන්ති ව්‍යාපාරයකට වඩා වැදගත්යයි කිව යුතුය. මහා ධර්මධරයකුගේ අවබෝධය ලෝකයාගේ හිතවැඩ පිණිස යෙදී ඇති බැවිනි.
1957- 08- 07-ලංකාදීප
ඉඳුරුවේ උත්තරානන්ද මහනාහිමි
ගිහියන්ගේ විනය දැනීම ගැන ඇතැම් භික්ෂූහු බිය වෙතිමේ ග්‍රන්ථය ගිහියන්ගේ විනය දැනීමට ද ඉවහල් වන සේ සම්පාදනය කර තිඛෙන බැවින් ශාසනයට මහත් වැඩක් වෙතැයි සිතමි
1956/ 07/ 17-දිනමිණ